අනුර කුමාර පක්ෂ කාඩරේට වාහන 1000ක් ගෙන්නන්න හදනවා.. – පාඨලී චම්පික රණවක
1 min read
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය විසින් පක්ෂයේ ක්‍රියාකාරීන් සඳහා ගමන් බිමන් යාමට ලක්ෂ 250ක් වන ඩබල් කැබ් රථ 1000ක් ආනයනය කිරීමට සුදානම් වන බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි විශාල වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවත්, මෙය පක්ෂයේ අවශ්‍යතා වෙනුවෙන් සිදුකරන මුදල් අවභාවිතාවක් බවත්ය.
වීඩියෝව පහළින්..
