September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ ඉන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පැවති නඩු විභාගයෙන් වසර 200 කට වඩා වැඩි කාලයකට සිරගත කිරීමේ තීරණයට ලක් වූවෙක් ය. ඔහු ඉන්නේ පසුතැවීමෙන් නොවේ. බැලූ බැල්මට පෙනෙන දෙයනම් ඔහු ඉන්නේ සතුටෙන් ය.

ඔහු ඉන්නේ ඔහුගේ දකුණු අතේ දබර ඇඟිල්ල පමණක් දිගු කර පෙන්වමින්ය. ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුවන් ද, යමෙකු දැවීගිය බව කියාපාන්නේ සිය දකුණු අතේ දබර ඇඟිල්ල පමණක් දිගහැර සිය අත ඔසවා පෙන්වමින්ය. පාස්කු ප්‍රහාරයේ වරදට දඬුවම් ලැබූ මොහු මේ කියන්නේ “තවුහීඩ්” ගැනය. ඒ කියන්නේ ලොවට ඉන්නේ එක දෙවියෙක් පමණයි කියාය.

මොහුගේ භාහිර රූපය ඔහු තුල වන පසුතැවීමක් කියාපාන්නේ නැත. කළ මහා මිනිස් අපරාධයට දායකවීම ගැන හදවත ඇතුලේ ඇවිලෙන වේදනාවක් ගැන කියපාන්නේ නැත. ඔහු ඉන්නේ සතුටෙන් ය. ඒ “සතුට” යනු කුමක්ද?

ඉස්ලාම් ආගමේ ඇති සංකල්පයක් වන්නේ, ශුහඩා/ශාහිඩ් ය. එම සංකල්පයේ එක් කොටසක් වන්නේ, ආගම වෙනුවෙන් සටන් කර මැරෙන පුද්ගලයා උතුම් අයකු ලෙස පිළිගැනීමය. එසේ මැරෙන අයකුට සාමාන්‍ය ඉස්ලාම් ආගමිකයකුට වඩා වැඩි දිව්‍ය වරප්‍රසාද හිමිය. ශාහිඩ් තත්වය හිමිකරගෙන දිවි අවසන් කරන තැනැත්තා යන්නේ අල්ලා ‍දෙවියන් සිටින දෙව්ලොවට ය.

ජනප්‍රිය පුවත්  කොහොම ද ටිකිරි මොලේ ?

එසේ අල්ලා ‍දෙවියන් සිටින දෙව්ලොවට ගිය ඔහුට, තමන් ශාහිඩ් තත්වයේ අයකු බැවින්, සිය ඥාතීන් 70 දෙනෙක් ඔවුනගේ මරණයෙන් පසු තමන් සිටින දෙව්ලොවට ගෙන්වාගැනීමේ විශේෂ වරප්‍රසාදය හිමිය. ඊබ්‍රාහිම් නානාගේ පුතාලා දෙන්නා “ශාහිඩ්” වී ඉන්නේ අල්ලා සිටින දෙව්ලොවය. ඔහුගේ බඩදරු ලේලියද දෙමඩගොඩ නිවසේ දී මරාගෙන මැරුනේ ශහීඩ් වී සිය සැමියා අසලට යාමේ අවස්ථාව උදාකර ගන්නටය. දැන් ඊබ්‍රාහිම් නානා ජීවත්වන්නේ තමන් මැරුණු දවසට, තමා යන්නේ ද අල්ලා ‍දෙවියන් සිටින දෙව්ලොව තම පුතුන් දෙදෙනා ලඟට බව සිතාගෙනය.

තමන් අදහන ආගම, තම ආගම වෙනුවෙන් අන්‍යාගමිකයන් මරා දැමීම සලකන්නේ තමන් අදහන දෙවියන් සිටින දෙව්ලොවට යාමේ අවස්ථාව උදාකර ගැනීමක් ලෙස වූ විට, එම අන්‍යාගමික ඝාතනයට දායක වී ජීවත්ව සිටිනවුන්ට දුකක් ඇතිවන්නේ නැත. පසුතැවීමක් ඇතිවන්නේ ද නැත. කනගාටුවක් ඇතිවන්නේ ද නැත. ඇත්තේ පට්ට සතුටක් ය. ඒ, විශේෂ වරප්‍රසාද සහිතව අල්ලා ‍දෙවියන් සිටින දෙව්ලොවට යාමේ වාසනාව තමා සතු බව දැන ඇතිවන මහා සතුට ය.

මේ මුහුණ කියා පාන්නේ ඒ කතාවය. මේ ඇඟිල්ල කියා පාන්නේ ඒ කතාවය.

ජනප්‍රිය පුවත්  විජේවීර ජේ.ආර් වෙත ඒම

එසේනම්, මේ භයානක මෘග ප්‍රහාරයේ “මහමොලකරු” කවුද? මහමොලකරු ඉන්නේ ඉස්ලාම් ආගම තුළමය. ඇත්ත කුරාණය තුළය. ලොව කොතැන සිටියත් බොහෝ ඉස්ලාම් මිනිසුන් හැසිරෙන්නේ මේ මනස සහිතවය. සාම්ප්‍රදායික මුස්ලිම් මිනිසාට වඩා මේ ඉස්ලාම් අන්තවාදී මිනිසා භයානකය. මේ ඇත්ත පිළිගෙන ක්‍රියා කිරීමෙන් මිස අන් කවර දේ කළත් මේ සතුට නැති වන්නේ නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x