ජනාධිපති U.N. නොගියේ 22 ගැන බියෙන් !
1 min read
ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමෙන් වැලකී සිටින්නේ, අද (24) සහ හෙට (25) පාර්ලිමේන්තුව තුළ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේ දී ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වයන් වලකාගැනීමේ අවශ්‍යතාව හේතුකොටගෙන බව පැලවත්ත ආරංචි මාර්ග අණාවරණය කරයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු ජාතික ජන බලවේගයට අයත් ජ.වි.පෙ. නොවන මන්ත්‍රිවරු 20 කට වැඩි සංඛ්‍යාවක් පොදුවේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳවත්, විශේෂයෙන්ම, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවත් ඉමහත් කලකිරීමට පත්ව සිටින බව රාජ්‍ය බුද්ධි සේවය මගින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව වාර්තා කර තිබේ. මෙම වාර්තා ලැබීමෙන් පසු, මේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ වූ ජනාධිපතිවරයා, වහාම තීරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම විදේශ ඇමැති විජිත හේරත්ට පවරා තමන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් තත්ත්වය සමීපව කළමණාකරණය කිරීමට ය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම හෙට (25) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී සිදුවීමට නියමිතය. එහිදී ආණ්ඩුවට 2/3 ක අනුමැතිය ලබාදීමට නොහැකි වන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු 159 න් අවම වශයෙන් 10 දෙනෙකු පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියහොත් හෝ ඡන්දය දීමෙන් වැලකී සිටියහොත්ය. ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බුද්ධි වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ 20 ට වැඩි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් මෙදින ඡන්ද විමසීමට සහභාගිවීමෙන් වැලකී සිටීමේ ක්‍රියාන්විතයක් දියත්ව තිබෙන බවය.
මෙම බුද්ධි වාර්තා ලැබීමෙන් පසු ඉමහත් ලෙස කලබල වී ඇති ජනාධිපතිවරයා මේ පිළිබඳව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද දැනුම්වත් කර තිබේ. එමෙන්ම, එම මන්ත්‍රිවරු 20 ට වැඩි පිරිසට අයත්යැයි අනුමාන කරන මන්ත්‍රිවරු කැඳවා වෙන වෙනම පිනවීමද සිදු කර ඇත. එයින් නොනැවතී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් දුරකථන මගින් අමතා, එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ද 22 ට ලබාදෙන මෙන් ඉල්ලා තිබේ. එහිදී ජනාධිපතිවරයා සුමන්තිරන්ට පවසා ඇත්තේ “22 සම්මත කරගැනීමෙන් පසු රාජපක්ෂලා ඇතුළු ගෑවිච්ච අයවත් මම හිරේ දානවා… ඒකනෙ ඔයාලටත් වෙන්න ඕන. ඊට පස්සෙ මට ප්‍රශ්නයක් නෑ මම දිනනවද සජිත් දිනනවද කියලා… ඒ ඕන ප්‍රතිඵලයකට මම ලෑස්තියි… මට මේක සම්මත කරගන්න ඔයාලගෙ මන්ත්‍රිවරුන්ගේ ඡන්දය දෙන්න” යනුවෙනි.
අපගේ ආරංචි මාර්ග පවසන පරිදි හෙට (25) ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරයට ද සහභාගි වීමට නියමිතව තිබේ. සැක කටයුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාලනයේ තබා ගැනීමට, එවැනි එක් අයකු සඳහා ජ.වි.පෙ. මන්ත්‍රිවරුන් තිදෙනා බැගින් යොදවා තිබේ. එම තිදෙනාගේ වගකීම වන්නේ අදාළ සැක කටයුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයාගේ ඡන්දය 22 ට පක්ෂව ලබා දෙන තත්ත්වයට පත්කර ගැනීම බව පැවසේ.
සිදුවන්නේ කුමක්ද යන්න හෙට (25) රාත්‍රිය වන විට පැහැදිලි වනු ඇතැයි අපගේ පැලවත්ත ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටී.
- චාමර තිලකසිරි
