September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22ට එරෙහි විරෝධතාවක් අද පොල්දූව මංසන්ධියේදී..

1 min read

සමගි ජන බලවේගය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේම එම උද්ඝෝෂණයට සහභාගීවන ලෙස එම පක්ෂය අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වෙත ආරාධනා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායකවරයා පසුගියදා පැවසුවේය.

මෙම සංශෝධනයට එරෙහිව ප්‍රථමයෙන්ම හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත්, ඉදිරියේදී එය තවත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් ලෙස ඉදිරියට ගෙන යන බවත්, හෙතෙම සඳහන් කළේය.

වත්මන් මාලිමා රජය මෙම 22 වැනි සංශෝධනය ඔස්සේ තනි පක්ෂ පාලනයක් ඇති කරමින් රටේ සමස්ත බලය පැලවත්ත වෙත ගෙන යාමට උත්සාහ කරන බවත්, එය පරාජය කළ යුතු බවත්, ඔහු පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x