පාස්කුවේ යුක්තිය ඉටුවීමට නම් සලේටත්, ගෝඨාභයටත් දඬුවම් ලැබෙන්න ඕනේ.. – ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා
1 min read
පාස්කු ප්‍රහාරය සිදුවීම බුද්ධි අංශ විසින් නතර කිරීමට තිබූ දෙයක් බවත්, එහෙත් යම්කිසි බලවේගයක් විසින් එසේ කිරීමට ඉඩ ලබා නොදුන් බවත් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.
පාස්කු නඩුවේදී දඬුවම් ලැබුවේ එක් කොටස් පමණක් බවත්, මෙම කුමන්ත්‍රණයෙන් බලය ලබා ගත් පිරිසක් සිටින බවත්, ඔවුන්ටද දඩුවම් දියයුතු බවත් පියතුමා පවසයි.
සුරේෂ් සලේ මහතාව මේ වන විට සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇති බවත්, මේ වන විට ඔහුව රෝහල්ගත කර ඇති නමුත් මෙතරම් කාලයක් රෝහලේ තබා ගැනීමට ඔහුට අසනීපයක් නැති බවත්, සඳහන් කරන ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනේ ඔහුට සුදුසු ආකාරයට නඩු පවරා සාධාරණ විනිශ්චයක් ලබා දෙන ලෙස බවත් සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද මෙම සිදුවීමේ සැකකරුවකු වී ඇති බවත්, ඔහුට ද දඩුවම් දියයුතු බවත් පියතුමා මෙහිදී පවසයි.
