September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක සමුළු ඇලජික් ලංකාවේ ජනපති !

1 min read

ලෝකයේ රාජ්‍ය නායකයෝ 130 ක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ 81 වෙනි මහා මණ්ඩලයට (UNGA) රැස්වෙලා අනාගත ලෝකයේ සිතියම අඳිමින් ඉන්නවා.

මෙවර සැසියේදී ලෝක නායකයන්..

  1. ගෝලීය ආරක්ෂාව සහ යුද ගැටුම් (Peace & Security)
  2. දේශගුණික විපර්යාස සහ සාධාරණ සංක්‍රමණය (Climate Action)
  3. තේරූ සංවර්ධන ඉලක්ක සහ මානව අයිතිවාසිකම් (SDGs & Human Rights)තිරසර සංවර්ධන ඉලක්ක (SDG Moment):
  4. අනාගත තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI & Technology)AI භාවිතයේ අවදානම්
  5. ගෝලීය සෞඛ්‍ය සහ වසංගත සූදානම (Global Health) වසංගත පාලනය:
  6. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UN Security Council) ප්‍රතිසංස්කරණය කිරීම සහ බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව කතා කරනවා..

අනුර මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට (UNGA) සහභාගී නොවන අතර, ඒ වෙනුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊට සහභාගී වීමට නියමිතයි.

ජාත්‍යන්තරයේ සහය අවශ්‍යම මොහොතක දත කට පූට්ටු වෙලා ඉන්න අපේ රටේ රාජ්‍ය නායකයා ඩෝබිලා තෙත් කරන්න ලංකාවේ ගම්මැද්දෙ මැතිවරණ වේදිකාවල “රටට සුඛයි” කිය කිය රස්තියාදු ගහනවා..

මෙය මොනතරම් උත්ප්‍රාසාත්මකද…?

ලෝකය සමඟ ගනුදෙනු කරලා රට ගොඩගන්නවා වෙනුවට, අගනුවරින් පිටවෙන්නවත් බැරි තරමට අනුර “රාජ්‍යතාන්ත්‍රික පෞරුෂය” හකුලාගෙන තියෙන්නේ ඇයි..?

මෙන්න මේක තමයි තිරයෙන් පිටුපස තියෙන නිරුවත් ඇත්ත…

ජනප්‍රිය පුවත්  "මට තිබුනු අනියම් ඇසුරුකම් ගැන බිරියට කියන්න බයවුණා" - බිල්ගේට්ස්

පසුගියදා පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී නොවීම අනුරගෙ මේ ළිං මැඩි භූ දේශපාලනයේ ” රාජ්‍යතාන්ත්‍රික පෞරුෂය” පිළිබඳව අපට දැනගන්නට ලැබුණු හොඳම නිදර්ශනයක්..

මේ වගේ “සෙල්ලම් ආණ්ඩු” කරන රාජ්‍යතාන්ත්‍රික වැරදි ලෝකය ඉස්සරහ අපව සිනහවට ලක් කරනවා.

UN එකේ හරි බ්‍රික්ස් එකේ හරි රටකට ලොකුම අවස්ථාව තියෙන්නේ ප්‍රධාන වේදිකාවේ නෙවෙයි..

ලෝක නායකයන් තේ බොන ගමන්, කොරිඩෝවල් දිගේ ඇවිදින ගමන් (Corridor Diplomacy) කතා කරගන්න එකඟතාවලයි…

හැබැයි, අපේ නායකයන්ට ඒකට අවස්ථාවක් නෑ. මොකද, ලෝක නායකයෝ ඉස්සරහට ගිහින් ඇස් දෙක දෙස බලා සෘජුව කතා කරන්න, අපේ ප්‍රතිපත්ති ජාත්‍යන්තරයට විකුණන්න තරම් “ග්ලෝබල් පෞරුෂයක්” අනුරට නෑ..

අපි කැම්පස් 50 ක් හදනවා, 04G කුලුනු 1000 ක් හදනවා, වැව් 450 ක් හදනවා වගෙ කතා එවැනි රාජ්‍ය නායකයින් අතරෙ ජෝක් එකක් විතරයි…

මොකද අනුර ගිහින් නුගේගොඩ රතු සීනි කඩේ ගැන කතා කරලා ඒකට ආයෝජනකයො ඉල්ලන්නද..?

ග්‍රැෆයිට් වලින් මිනිරන් හදන්න , මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදන්න ලෝක නායකයන්ට ආරාධනා කරන්නද..?

“මේ බලන්න අපි කෝලිකුට්ටු ගෙඩියෙ නැට්ට හයි කරා කියලා ” කෝලිකුට්ටු ඇවරියක් අරගෙන කොරිඩෝවල ඇවිදිමින් රාජ්‍ය නායකයින්ට පෙන්නන්න ද..?

මේ රටේ ගොබ්බ ජනතාවට ඒවාට තෙත් උනාට 21 වෙනි සියවසෙ රාජ්‍ය නායකයින්ට මේවා පට්ටම පට්ට ජෝක්..

ජනප්‍රිය පුවත්  එට්කා එන විදිය

අනුර මේවාට සහභාගී නොවන්නෙ ජාත්‍යන්තරය ඉස්සරහට ගියාම එන හීනමානය වහගන්න,
“අපිට රටේ වැඩ තියෙනවා. එන්න වෙන්නෙ නෑ ” කියන එක මොනතරම් බාල නිදහසට කරුණක්ද..?

” බලය සන්නිවේදනය වන්නේ බලයෙන්මයි” යන්න ප්‍රකට කියමණක්. ඒ කියන්නේ රාජ්‍ය නායකයන් මුහුණට මුහුණ හමුවීම කොතරම් වැදගත්ද යන්නයි..

ජාත්‍යන්තර දේශපාලනයේදී ලෝක නායකයෙක් තවත් රටක විදේශ ඇමතිවරයෙක්ව ගණන් ගන්නේ “පණිවිඩකරුවෙක්” ගාණට විතරයි…

ඒ නිසා විජිත හේරත්ගෙ සහභාගී වීම පිළිබඳව අප වෙනම කියවාගත යුතුයි..

අනිත් පැත්තෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන්නෙ විජිත හේරත්නම් ඉතිරි දේවල් ගැන කතා කරලා තේරුමක් නෑ..

රාජ්‍ය නායකයෙක් මෙවැනි සමුළුවකට භෞතිකව නොපැමිණීමෙන් ජාත්‍යන්තරයට යන්නේ වැරදි පණිවිඩයක්. “ශ්‍රී ලංකාවට ලෝකයේ ප්‍රශ්න වැඩක් නෑ, අපි අපේ ලෝකෙක තනියම ඉන්නවා” කියන ගෝත්‍රික හුදකලා වීමේ ලේබලය අපේ ඇඟේ අලවගන්න මෙයින් පාර කැපෙනවා.

ඇත්තටම අනුර මේවාට සහභාගී නොවන්නෙ ඉංග්‍රීසි භාෂා භීතිකාව, හීනමානය සහ නායකත්ව පෞරුෂය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා බව රහසක් නෙවේ..

මීට පෙර මෙවැනි රාජ්‍ය නායක සමුළුවලදි අනුරගෙ බොඩි ලැන්ග්වේජ් එක හරිම බයාදු සහ ලැජ්ජාශීලි බව අපි දැක්කානෙ…

ජාත්‍යන්තර දේශපාලන වේදිකාව පාලනය කරන චීන ජනාධිපති, රුසියානු ජනාධිපති හෝ ප්‍රංශ ජනාධිපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කතා කරන්නේ ඉංග්‍රීසියෙන් නෙවෙයි තමන්ගේ මව් භාෂාවෙන්.

ජනප්‍රිය පුවත්  අධිකරණයේ අර්බුදය: අනුර, ඉතිහාසයේ කළු පැල්ලමක් වෙන්න එපා!

ඒකට නිල පරිවර්තකයෝ ඉන්නවා..

හැබැයි අනුරට තියෙන්නෙ හීනමානය. මේ රටේ මිනිස්සු ඉස්සරහා දෙන පොර ටෝක් එවැනි සමුළුවකදි දෙන්න බෑනෙ..

අනුරට තියෙන්නෙ ලෝකය ඉදිරියේ කෙළින් හිටගන්න බැරි පෞරුෂයේ සහ දෘෂ්ටිවාදයේ තියෙන හිස්කම..

එක අතකට බලපුවාම ගිය පාර ගිහිල්ලාත් කරපු එකම දේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් “ෆොටෝෂොප්” වලින් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක ඉන්න ෆොටෝ එකක් හදපු එක විතරයිනෙ..

සැබෑ රාජ්‍යතාන්ත්‍රිකභාවය තියෙන්නේ එඩිට් කරපු බොරු ෆොටෝවල නෙවෙයි, නිව්යෝර්ක්වලට හෝ බ්‍රික්ස් එකට ගිහින් ලෝක බලවතුන් සමඟ එකම මේසෙක වාඩිවෙලා කරන සැබෑ ගනුදෙනුවලයි.

ලෝකය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ බ්‍රික්ස් සමුළුවලට රැස්වෙලා හෙට දවසේ ලෝක ආර්ථිකය තීරණය කරද්දී, අපේ තඹුත්තේගම තනි තනි සිග්නල් කණුව යට රංබණ්ඩාගෙ පුතා හන්දි ගානෙ මැතිවරණ වේදිකාවල කෑ ගගහ ඉන්නවා.

මෙවැනි දේවල් සිදුවීම රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයන් නෙවෙයි, මේවායෙන් වෙන්නෙ අපේ රට ජාත්‍යන්තරයෙන් සෘජුවම කොන්වීමක් සහ රටේ උපායමාර්ගික අසාර්ථකත්වය ලෝකයට පෙනීමයි..

  • නිලන්ත සත්සර ගමගේ ✍️
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x