අධිකරණ විනිසුරුවරු විශ්‍රාම වයස වෙනස් කළ යුත්තේ ජනමත විචාරණයකින්
1 min read
භයංකාර අභියෝගාත්මක හැරවුම් ලක්ෂයකට , රට, පැමිණ ඇති බවත් උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩු යටිකුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතනවල බෙදුනු බලය පලුදු කරමින් සංවරණ හා තුලන ප්‍රතිපත්ති තුළ පදනම් ව ඇති ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන කුමන්ත්‍රණයක් ලෙස 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකි බවත් මෙය ජන බලයෙන් පරාජයට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි නීතීඥ සංගමය, සමගි රණවිරු බලවේගය හා දේශීය වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන්ට 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව එළැඹෙන 24 වැනි දා සමගි ජන බලවේගය පොල්දුව මංසන්දියේ දී පවත්වන සාමකාමී උද්ඝෝෂණය පිළිබඳ දැනුවත් කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි
ගල් අගුරු වංචාව සිදු වූයේ වත්මන් රාජ්‍ය පාලනය තුළ බවත් එදා සමගි ජන බලවේගය විදුලි බල ඇමතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන විට මේ 2/3ම සිටි නිසා විපක්ෂය එය පරාජය පත් වූ නමුත් අවසානයේ බලශක්ති ඇමතිවරයාට ඉල්ලා අස්වීමටත් ලේකම්වරයාට ඉල්ලා අස්වීමටත් සිදුවූ බවත් 69 ලක්ෂයේ ජනාධිපතිවරයාට පවා සිය ධුරය අතහැර යාමට සිදුවූයේ මේ ජන බලය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ කරුණු කාරණා තුළ නොබියව නොපසුබටව නොපැකිළිව මුහුණ දිය යුතු අතර ඊට විරුද්ධ වන්නට ජනතා ඒකාරාශියක් විය යුතු බවත් විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගයේ වගකීම වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහී විනාශ වී ඒකාධිපති පාලනයක්, ආඥාදායක ඒක පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත වීම වැළැක්වීම බවත් ඒ සඳහා සියලු ප්‍රගතිශීලී කොටස් සම්බන්ධ කර ගත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවක් පවත්වන බවත් හෙතෙම සඳහන් කළේය.
2023 ලංකාවේ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන කළ වාර්තාව තුළ හෝ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැන සඳහන් නොවන බවයි ඔහු තවදුරටත් කියාසිටියේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශ පවා ඇති අතර ගරු අධිකරණයේ ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරනවා නම් ජනතා පරමාධිපත්‍යයට බලපාන හෙයින් ජනමත විචාරණයක් කරා යා යුතු බව ඔහු පෙන්වා දෙයි.
එවැනි පූර්වාදර්ශ තිබියදී 22 වැනි සංශෝධනය අනුමත කරන්න 2/3 සේම ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය
