September 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පා. ම. දිලිත් ජයවීරගේ රිට් පෙත්සමේ නියෝගය 30 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ

1 min read

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් නියෝගය මේ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (18) දැනුම් දුන්නේය.

අදාළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ තීරණය සැප්තැම්බර් 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x