තිලීපන්ගේ පිළිරුව සමග දිගහැරෙන රටේ අවිනිශ්චිත අනාගතය | ප්‍රසිද්ධියේ ත්‍රස්තවාදය සැමරීමට ඉඩදීමේ තාර්කික අවසානය
1 min read
කොටි ත්‍රස්තවාදී නායකයෙකු වූ තිලීපන්ගේ පිළිරුවක් යාපනයේ විවෘත කිරීම ගැන ලොකු කතාවක් යනවා.
ත්‍රස්තවාදියෙක්ගේ පිළිමයක් ත්‍රස්තවාදයක් පරාජය කරපු රටක හදන එක රටක් වශයෙන් අපි දුක් වෙන්න ඕන, ලැජ්ජ වෙන්න ඕන දෙයක්.
ඇමරිකාවේ කවදාවත් ඔසාමා බින් ලාඩන්ගේ ප්‍රතිමා හදන්නේ නෑ. රුසියාවේ කවදාවත් ත්‍රස්තවාදීන්ගේ පිළිම හදන්නේ නෑ.
ඉන්දියාව කවදාවත් පාකිස්තාන හෝ සික් ත්‍රස්තවාදීන්ගේ පිළිම හදන්න දෙන්නේ නැහැ.
හදන්න නෙමේ හදන්න ප්ලෑන් කරොත් ඒ ප්ලෑන් කරන කට්ටියත් හිරේ වෙන රටවල්වල.
ජර්මනිය හිට්ලර් සමරන්න දෙන්නේ නැහැ හිට්ලර් ත්‍රස්තවාදී කැටගරියට නොවැටුනත්.
ඇයි මේ ලෝකෙ ත්‍රස්තවාදීන් සමරන්න දෙන්නෙ නැත්තේ? පිළිම හදන්න දෙන්නේ නැත්තේ ?
ත්‍රස්තවාදයක් පරාජය වුණාම යේ ඒකට බලපාන මතවාදයත් පරාජය වෙනවා. නැවත ත්‍රස්තවාදීන් සමරන්න දුන්නොත් ඒ මතවාදය නැවත නැවත දළුලා වැඩෙනවා.
ඊළඟ පරපුර ත්‍රස්තවාදීන්ව වීරයෝ විදිහට දකිනවා. නැවත ත්‍රස්තවාදයක් ඇතිවෙන අවධානමක් එනවා.
1970 දශකයේ වේළුපිල්ලේ ප්‍රභාකරන්නේ කොටි සංවිධානය හදනකොට දෙමළ සමාජයෙන් ලොකු සහයෝගයක් තිබුණේ නෑ .
සාමාන්‍ය දෙමළ ජනතාව සිංහල මිනිස්සුත් එක්ක සංහිඳියාවෙන් ජීවත් වුණා. ප්‍රභූ වෙල්ලාල දෙමළ ජනතාව දේශපාලන ක්‍රියාදාමයන් ඔස්සේ ෆෙඩරල් ලබාගන්න මතයක හිටියේ.
තුවක්කු අරන් යුද්ධ කරන මතය ලොකුවට තිබ්බේ නැහැ යාපනේ ඒ නිසා වේළිපිල්ලේ ප්‍රභාකරන් කුලවාදයෙන් පීඩනයට ලක්වෙච්ච කුලහීන දෙමළ තරුණයන්ට තුවක්කු දීල තමයි ත්‍රස්තවාදී සංවිධානය ගොඩනැඟුවේ.
මතක තියාගන්න 2009 යුද්දේ ඉවර කරලා 2010 තිබ්බ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයාට යාපනයේ 20% ක ඡන්ද හම්බුන ඒ කියන්නේ පහෙන් එකක්.
එතන ඉඳන් 2015 වෙද්දි උතුරට සෑහෙන සංවර්ධනයක් ගිය නිසා බෙදුම්වාදය ටික ටික ටික සමාජයෙන් අඩු වුණා.
හැබැයි අවාසනාවට 2015 ඉඳන් ම ආයෙත් බෙදුම්වාදය හිමීට හිස ඔසවන්න ගත්තා ත්‍රස්තවාදීන් සමරන්න පටන් ගත්තා.
මේකෙ උපරිම අවස්ථාව පුනරුද ආණ්ඩුව අද උදාකරලා. මිනීමරු ත්‍රස්තවාදියෙක් වුණු තිලීපෙන්ගේ පිළිරුවක් සමරන මට්ටමට මේ බෙදුම්වාදය උඩු දුවලා ඉවරයි.
මෙතන තියෙන භයානකම කාරණය අද ඉන්න තරුණ සමාජය වේගයෙන් බෙදුම්වාදී වෙලා.
ප්‍රභාකරන් වීරයෙක් වෙලා, කොටි සංවිධානය උන්ගේ විමුක්තිය වෙලා. උතුරේ සමාජය වේගයෙන් බෙදුම්වාදී වෙනවා.
මේක විශාල අපරාධයක්, රටේ අනාගතයම අනතුරේ හෙලීමක්. අනාගත පරපුරේම ජීවිත අනතුරට දැමීමක්.
ඒකට ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු රජයත් උදව් කරනවා කියන්නේ රටක් වශයෙන් අපි කොච්චර අසරණද ?
ආයෙත් යුද්ධයක් ඇතිවන දවසක් ආවොත් දාට ප්‍රභාකරන්ට වගේ අමාරු වෙන්නෙ නෑ.
ඊලම ඉල්ලන, සිංහලයෝ සතුරන් විදිහට දකින බෙදුම්වාදී පරපුරක් බිහිවෙලා ඉවරයි.
ඒකටම හරියන්න සිංහල කොටි රැලකුත් මෙහේ ඉන්නවා. තිලීපන් ත්‍රස්තවාදියෙක් නෙමෙයි දෙමළ නායකයෙක් කියන අඳබාලයෝ ටික තමයි උන්.
හැම අවුරුද්දකම මැයි 18 ජාති ඝාතන සමරන්න දීපු එකේ ප්‍රතිඵල තමයි අද මේ ඇවිල්ලා තියෙන්නේ…
- Sambhavya S Prathibhanath
