September 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ජේ.ආර්. හිර කළා… ප්‍රේමදාස ගත්තා… මම කැඩුවා” | ආණ්ඩුවේ අය කළේ ‘ජේ.ආර්. මරනු’ කියලා බෝඩ් උස්සපු එක විතරයි !

1 min read

අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන රැස්වීමකදී වෛද්‍ය රාමනාදන් අර්චුනා විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‘කොටියෙක්’ ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කණ්ඩායම් හමුවේදී විශේෂ සාකච්ඡාවට ලක්ව තිබේ.


එහිදී හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, කරුණා අම්මාන් හීලෑ වූයේ රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ නේදැයි විමසා ඇත.


ඊට ක්ෂණික පිළිතුරක් ලබාදුන් රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ, “කැඩුවෙ මම – ගත්තේ එයා” යනුවෙනි. ඉතිහාසයේ තීරණාත්මක යුද හා දේශපාලන පසුබිම පිළිබඳව වැඩිදුරටත් විස්තර කළ ඔහු, මුලින්ම ඩග්ලස් දේවානන්ද ලබාගත්තේ ආර්. ප්‍රේමදාස බවත්, අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග විසින් අදාළ පාර්ශ්වය ලබාගත් අතර මහින්ද රාජපක්ෂ එය ඉදිරියට ගෙනගිය බවත් ප්‍රකාශ කළේය.


ජේ.ආර්. ජයවර්ධන ඉන්දු – ලංකා ගිවිසුම හරහා ඔවුන්ව හිර කළ බවත්, තමන් එය බිඳදැමූ බවත් පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, තමන් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙකට කැඩූ පසු චන්ද්‍රිකා විසින් කරුණාව ලබාගත් බවත්, ඉන්පසු මහින්ද රාජපක්ෂ විසින් ඒ සියල්ල එල්.ටී.ටී.ඊ. සංවිධානයට පහරදීම සඳහා යොදාගත් බවත් සඳහන් කළේය. එමෙන්ම එම සටන් පැවති සමයේ ජනතා විමුක්ති පෙරමුණ (JVP) එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව සංඝරත්නය මෙන්ම රණවිරුවන් ඝාතනය කළ බව ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

ජනප්‍රිය පුවත්  විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පෙත්සමක්!


එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කර ඇත්තේ, එකල ආණ්ඩුවේ සිටි පිරිස් සිදුකළේ “ජේ.ආර්. මරනු” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කිරීම පමණක් බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x