September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !

1 min read

ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.

15 වනදා ඩීසල් ඉන්ධනවල සාමාන්‍ය මිල ගැලුමකට ඩොලර් 6.27ක් හෙවත් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.66ක්ලෙස වාර්තා වී තිබූ අතර එය එතෙක් පැවති වාර්තාගත ඉහළම අගය විය. මීට පෙර ගැලුමකට ඩොලර් 5.80ක් හෙවත් ලීටරයකට ඩොලර් 1.53 වාර්තාගත ඉහළ මිලක් 2022 ජූලි මාසයේදී වාර්තා විය. 2025 වසරේ ආරම්භයේදී ඇමරිකාවේ ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 3.50ක් හෙවත් ලීටරයක් ඩොලර් 0.925 වඩා අඩු විය.

සාමාන්‍යයෙන් ජාතික සාමාන්‍යයට වඩා ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතින කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩීසල් මිල ගැලුමකට ඩොලර් 8.26ක් හෙවත් ලීටරයක් ඩොලර් 2.18 ඉක්මවා ඇති අතර, ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල මිල ඩොලර් 9.00ක හෙවත් ලීටරයක් ඩොලර් 2.38කට වඩා ඉහළ ගොස් තිබේ.

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය ගැන අන්තර්කාලීන පාලක මණ්ඩලයෙන් තීරණයක්…!

අමෙරිකාවේ ඩීසල් මිල ඉහළ යාම භාණ්ඩවල මිල කෙරෙහි සෘජුවම බලපායි. ඊට හේතුව සැපයුම් දාමවල භාවිතා වන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ බර වාහන ධාවනය සඳහා ඩීසල් ඉන්ධන විශාල වශයෙන් භාවිතා වීමයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x