January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බැඳුම්කර නන්දෙගෙ! මිලට ගන්නෙත් නන්දෙ! රු.මි. 45.5ක් නන්දේ ආයෝජනය කරලා!

1 min read

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සිය ධුරය තම වාසිය පිණිස යොදාගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (29) අණාවරණය කළේය. ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රට දැවන්න ආර්ථික අර්බුදයකට ගොදුරුවීමෙන් පසු මහබැංකු අධිපති ධුරයට පත් කරන ලද නන්දලාල් වීරසිංහ 2022 වසරේ සිට 2025 වසරේ පළමු කාර්තුව දක්වා වූ කාලය තුළ අවස්ථා හතරකදී තමා විසින් පොලී අනුපාත තීරණය කර නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර හෙවත් ට්‍රෙෂරි බොන්ඩ් මිල දී ගෙන ඇති බවයි. මෙය බැඳියාවන් අතර ගැටුමක් බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්නා, තමන්ට ඇති සුවිශේෂී වරප්‍රසාද ලත් දැනුම භාවිතා කර, තමන් විසින්ම පාලනය කරන මූල්‍ය උපකරණවල සැළකිය යුතු පෞද්ගලික අයෝජනයක් සිදු කරන විට එමගින් ඔහු හෝ ඇය සිදුකරනුයේ සෙසු පුරවැසියන් පීඩාවට පත්කරන අර්බුදයකින් ඍජුවම උපදින පෞද්ගලික ලාභයක් තහවුරු කර ගැනීම සඳහා ප්‍රසිදධ නොකළ තොරතුරු භාවිතා කිරීමය. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා සිය ධුරයේ විශ්වාසය අහිමිකරගෙන ඇති බව මූල්‍ය විශේෂඥයෝ ද පෙන්වා දෙති.

ජනප්‍රිය පුවත්  රනිල් වික්‍රමසිංහ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ!

නන්දලාල් වීරසිංහ 2022.05.04 වැනිදා නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවලින් රු. 19,460,00.00 ක මිලදී ගැනීමක් ද, 2024.06.27 රු. 13,371,000.00ක මිලදී ගැනීමක් ද, 2025.03.18 රු. 4,720,000.00ක මිලදී ගැනීමක්ද සිදු කර තිබේ. ඒ අනුව මෙම අවස්ථා 4 තුළ පමණක් ඔහු භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගෙන ඇති සමස්ත මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 45.5ක් පමණ වේ.

මෙබදු සදාචාර විරෝධී හා බැඳියාවන් අතර ගැටුමක් ඇති කර තිබෙන ආයෝජකයන් හරහා අයුතු ලාභයක් උපයා තිබෙන නන්දලාල් වීරසිංහට තවදුරටත් මහබැංකු අධිපති තණතුරේ රැදී සිටීමට ඉඩ නොදිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කළේ ය.

තුෂාරි කන්දේගම underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Anonymous
Anonymous
3 months ago

අනුර පර බල්ලා තෝ මේ රට කනවා තොට හෙන ගහනවා

Lakmal
Lakmal
3 months ago
Reply to  Anonymous

ජපානේ ඉදන් ඕකට එන්ඩ බැරි වේවා

Indula
Indula
3 months ago
Reply to  Anonymous

සහතික ඇත්ත

Lakmal
Lakmal
3 months ago

ඔව්වා නවත්තන්න නායකයාට කොන්දක් තියෙන්න එපැයි

සිරිපාල
සිරිපාල
3 months ago

පච කොටාගේ හොර ආණ්ඩුව

5
0
Would love your thoughts, please comment.x
()
x