September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල් හිරේ යන එක නවත්වන්න බෑ.. ඔහුව ජනපතිකරවන්න බත් කන මිනිහෙකුට බෑ.. – හේෂා විතානගේ

1 min read

සිරගතව සිටින නාමල් රාජපක්ෂට ඇති චෝදනා ඇත්ත නම් ඔහු සිරගෙවල් දහයක සිටින එක නතර කළ නොහැකි බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

2022 රට බංකොලොත් කළ රාජපක්ෂවරයෙකු නැවත ජනාධිපති ධුරයට පත්කිරීමට මේ රටේ ජනතාවට ඔළුවේ අමාරුවක් නොමැති බවද ඔහු අවධාරණය කරයි.

2029 මෙයා තමයි හොඳ කොල්ලා යැයි කියමින් ජනාධිපති කරවීමට යමෙක් අත උස්සයි නම් ඔවුන් බත් කන මිනිස්සු වෙන්න බැරි බවද හේෂා විතානගේ ප්‍රකාශ කරයි.

තමන්ට මෙන් නොව රාජපක්ෂලාට මුදල් ඇති නිසා ඕනෑම වෙලාවක බස් ටිකකින් සෙනග ඇද ජනරැලි කළ හැකි වුවද ඒ ගැන එතරම් සිතීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

සජබ ජනහමුවක් අමතමින් හේෂා විතානගේ මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x