September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

1 min read

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබේ.

මෙම පෙත්සම් අද (03) ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලබයි.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 14 ක් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ආණ්ඩුක්‍රම් ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්තිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවය.

ඊට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද මෙම පනත් කෙටුම්පත හරහා කප්පාදු වන බවත් පෙත්සම්වල සඳහන් වේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට වීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එය අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණය ඉල්ලා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x