September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 පළපුරුදු විනිසුරු බොරුව යළි හිල් වෙයි…. ජ්‍යෙෂ්ඨතම අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම යයි… ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කරන්න ජනපති කාර්යාල අනුමැතිය නෑ….!

1 min read

වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියට විශිෂ්ට සේවයක් ඉටු කළ අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු සහ හිටපු වැඩබලන සභාපති රත්නප්‍රිය ගුරුසිංහ පසුගිය සැප්තැම්බර් 01 වන දින අභියාචනාධිකරණයේ 205 වන ශාලාවේදී සිය ධුරයෙන් විශ්‍රාම ගොස් තිබේ.

ලංක නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසන්නේ හිටපු අග්‍රවිනිශ්චයකාර මුර්දු ප්‍රනාන්දු විසින් විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කරන ලෙස කළ නිර්දේශ කළද ඊට ජනාධිපති කාර්යාලයේ අනුමැතිය නොලැබීම කණගාටුදායක කරුණක් බවයි.

1996 මාර්තු 05 වන දින මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් විනිසුරුවරයෙකු ලෙස අධිකරණ සේවයට පිවිසි රත්නප්‍රිය ගුරුසිංහ කොළඹ, නාවලපිටිය, ගම්පොළ, අවිස්සාවේල්ල, හලාවත, මාතර, මාතලේ සහ මහනුවර යන ප්‍රදේශවල සේවය කර ඇත. ඔහු 2012 වසරේදී මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබූ අතර, 2020 දෙසැම්බර් 01 වන දින අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x