September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

X-Press Pearl වන්දිය ගසා කෑ විනිසුරුවන්ට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිලි !

1 min read

ශ්‍රී ලංකාවේ සාගර තීරයට අතිශය විශාල පාරිසරික හානියක් සිදුකළ X-Press Pearl නෞකාව හිමි සමාගමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කර, එවකට අගවිනිසුරු වූ මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඇමරිකානු ඩොලර් බිලියන 1 ක මූලික වන්දි මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ගෙවීමට එකී සමාගමට නියෝග කළහ.

එමෙන්ම, වසරක් ඇතුලත වාර කිහිපයකින් එම මුදල ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කල බැවින්, එය නිවැරදිව සිදුවන්නේ ද යන්න පසු විපරම් කිරීම සඳහා විනිසුරුවන් කටයුතු කළ යුතු බව ද එහි දන්වා තිබුණි.

එම තීන්දුව දුන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වූයේ එවකට අගවිනිසුරුවරිය වූ මුර්දු ප්‍රනාන්දුට අමතරව, යසන්ත කෝදාගොඩ, ඒ.එල්. ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවන් ය. එම තීන්දුව කෙටුම්පත් කිරීමට මූලික වූයේ ද ජ්‍යෙෂ්ඨ විනිසුරු යසන්ත කෝදාගොඩ ය.

මෙම තීරණය තමන් පිළිනොගන්නා බව කියූ අදාළ සමාගම ඇමරිකානු ඩොලර් මිලියන් එකක් පමණක් ගෙවා, ජනාධිපති අනුර කුමාර වෙත ලිඛිත ඉල්ලීමක් කලේ මෙම වන්දිය නිරාකරණය කර දෙන මෙන්ය. ඉන් පසු වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින්, මෙකී නඩුව විභාග කල ඉතිරි විනිසුරුවන් 4 දෙනාගෙන් (ඒ වන විට මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම ගොස් ඇත) තීන්දුව කෙටුම්පත් කල ජ්‍යෙෂ්ඨ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත්කර ඒ.එල්. ශිරාන්, අචල වෙන්ගප්පුලි සහ කේ. ප්‍රියන්ත යන විනිසුරන් තිදෙනා පමණක්, මෙම නඩුවේ අධීක්ෂණ කටයුතු සහ ඉදිරි ක්‍රියාදාමයන් අවසන් කිරීම පිණිස 2026 ජනවාරි මස තුළ දී පත් කලේය. ඒ අනුව, එමගින් තීරණය කලේ තවදුරටත් අධීක්ෂණ කටයුතු සිදු කිරීම අවශ්‍ය නොවන බවත්, වන්දි මුදල ලබා ගැනීම විධායකයේ කාර්යයක් බවත් ය.

ජනප්‍රිය පුවත්  සෞඛ්‍ය ඇමතිත් ඉන්නෙ බයෙන්!

මෙහි මතු වූ ප්‍රධාන සැකකටයුතු කරුණ වූයේ, මුල් තීන්දුව කෙටුම්පත් කිරීමට ද මූලික වූ, එහි සිටි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වූ යසන්ත කෝදාගොඩ එම අධීක්ෂණ කාර්යයෙන් ඉවත්කර, පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ආපසු හරවා තිබීමයි. මෙය සිදුවන්නේ ද අදාළ සමාගම මෙම වන්දි ප්‍රශ්නය විසඳා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර වෙතින් ලිඛිතව ඉල්ලා සිටීමෙන් පසුවය.

මෙම ත්‍රිපුද්ගල විනිසුරුවන් ගත්, තීරණය විසින්, ශ්‍රී ලංකා මහාභාණ්ඩාගාරයට ලැබිය යුතු වූ ඩොලර් බිලියන එකක වන්දි මුදලෙන්, ඩොලර් මිලියන 999 ක් අහිමි විය. ඒවා අදාළ පරිසර විනාශයට මුහුණ දුන් පවුල් ලක්ෂ ගණනකට වන්දි ලබාදීමට යොදාගත යුතුව තිබූ මුදල් ය.

කෙසේ වෙතත්, මේ වන විට වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව විසින්, අදාළ දෙවැනි තීන්දුව දුන් විනිසුරුවන් තිදෙනාට අල්ලස් ගැනීම පිළිබඳ චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එමගින්, ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ ඩොලර් මිලියන 999 කට ආසන්න වන්දි මුදලක් අය කර ගැනීමට නොහැකි වන පරිදි මෙම විනිසුරුවන් ක්‍රියා කර ඇති බව ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් ප්‍රධාන තීන්දුව ප්‍රකාරව ගෙවිය යුතුව තිබූ ආරම්භක වන්දි මුදල් කොටස වූ ඩොලර් මිලියන 250 ක මුදල වෙනුවට නෞකා සමාගම ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 01 ක් පමණක් වන පසුබිමක නඩු කටයුතු අවසන් කිරීම මගින් සමාගම වගකීමෙන් නිදහස් කිරීම සිදුකර ඇති බව සහ ජ්‍යෙෂ්ඨ විනිසුරු යසන්ත කෝදාගොඩ අවසන් විනිසුරු මඩුල්ල සඳහා පත් නොකර සිටීම යන කරුණු මෙම පැමිණිල්ලේ දූෂණ චෝදනාව සඳහා පදනම්ව ඇත.

ජනප්‍රිය පුවත්  ත්‍රිකුණාමලයේ ඉන්දු - ඇමෙරිකා ''ක්‍ෂණික ප්‍රතිචාර" කඳවුරක්!

නිල නොවන ආරංචිමාර්ග පවසන්නේ අදාළ සමාගම ඩොලර් මිලියන 500 ක මුදලක් ජනාධිපතිවරයා, අගවිනිසුරුවරයා සහ අදාළ විනිසුරුවන් තිදෙනා අතර බෙදා හැර, මෙම බලවත් වන්දි මුදල ගෙවීමේ නියෝගය දියකර හැර ඇති බවය. මේ පිළිබඳව සිවිල් ක්‍රියාකාරිකයකු වූ නාගානන්ද කොඩිතුවක්කු ද චෝදනා එල්ල කර ඇත.

රංග දිසානායකට අනුව අල්ලස් කොමිෂම ස්වාධීනනම් මේ පැමිණිලි පිළිබඳ විමර්ශන ආරම්භ කර, අධිකරණය හමුවට කරුණු වාර්තා කළ යුතුය.

මෙකල එය නොවුනත් අනාගතයේ බිහිවන වෙනත් පාලනයක් යටතේ එය සිදුවීම වැලැකිය නොහැකි වනු ඇත.

•⁠ ⁠ජයදේව වීරසිරි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x