October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලිය නිපදවන්න නොරොච්චෝලෙට ගල් අඟුරු හිඟයක් ! විදුලිය අර්බුදය අත ලඟ !

1 min read

ොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලිය නිපදවීම සඳහා යොදාගැනෙන ගල් අඟුරු තොග මේ වන විට අවසන් අදියරට ලඟා වී ඇතැයි වාර්තා වේ.

මේ හේතුව මත එම බලාගාරයේ ඒකක දෙකක විදුලි උත්පාදන ධාරිතාව පෙරේදා (30) දින සිට මෙගාවොට් 220 සිට 130 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා ද එකී බලාගාරයේ අවසාන ගල් අඟුරු තොග පවා මේ වන විට භාවිතයට ගනිමින් තිබේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවය 900MW වන අතර, පෙරේදා (30) දිනයේ උපරිම ඉල්ලුම (Peak Demand) ඇති අවස්ථාවේ දී ද එමගින් විදුලිය උපදවා දී ඇත්තේ 282MW පමණකි. විදුලිය බල මණ්ඩලය නිකුත් කරනු ලබන 2026.08.30 දිනැති විදුලි පද්ධති වාර්තාවේ මේ පිළිබඳ හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ගල් අඟුරු තොග හිඟවීම හේතුවෙන් විදුලි උත්පාදනය සීමා කර තිබෙන බවයි.

ගල් අඟුරු බලාගාරයෙන් අහිමිවන විදුලිය ධාරිතාවය ඩීසල් බලාගාර වෙතින් උප්පාදනය කරන අතර, ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14 ක් පමණ වැය වෙතැයි වාර්තා වේ. ඩීසල් විදුලිය බලාගාරයක එක් විදුලිය ඒකකයක් සඳහා වන පිරිවැය රුපියල් 120.00 ක් පමණ වන අතර, එහි වර්තමාන විකුණුම් මිල රු. 37.00 ක් වේ.

ජනප්‍රිය පුවත්  මණ්ඩලේ කචල් ! පැලවත්තේ කලබල !

බාල ගල් අඟුරු ජාවාරම මෙන්ම පසුව “ස්පොට් ටෙන්ඩරය” මගින් ගෙන එන ලද ගල් අඟුරු ද බාල වී තිබීම මෙම අර්බුදය ඇතිවීමට හේතු වී තිබේ. එමෙන්ම, වාරකන් සමය තුල එන ලද නැව් වලින් ගල් අඟුරු ජැටියට ගොඩබෑමේ දී, දරුණු රළ පහර නිසා විශාල ගල් අඟුරු ප්‍රමාණයක් මුහුදට වැටී තිබීම ද මෙම ගල් අඟුරු හිඟයට බලපා ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළගොස් ඇති තත්ත්වයක් තුල ඩීසල් වලින් විදුලිය නිපදවීම විදේශ විනිමය කා දැමීමක් වනවාක් සේම, ඉදිරියේ දී පිපිරීමට නියමිත මූල්‍ය අර්බුදයක් ජනිත කිරීමක් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සඳහන් කරති.

•⁠ ⁠රවී කොඩිකාර

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x