October 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊයේ ඉන්ධන ඉල්ලුම 50%කින් නැගලා -ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

1 min read

දීර්ඝ නිවාඩුවත් සමග බොහෝ දෙනකු විනෝද චාරිකාවල නිරත වීම හේතුවෙන් ඊයේ (26 වැනිදා) ඉන්ධන සඳහා වූ ඉල්ලුම සියයට පනහකින් (50%) ඉහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය පෙන්වා දෙන්නේ අද (27 වැනිදා) ඉන්ධන ඉල්ලුම වැඩි විය හැකි නමුත් කොළොන්නාව ඛනිජ තෙල් බෙදාහැරීමේ සහ ගබඩා සංකීර්ණය අද (27 වැනිදා) වසා ඇති බැවින් ඉන්ධන නිකුත් නොකරන බවයි. එබැවින් අද (27 වැනිදා) ඉන්ධන ලබාගැනීමේදී යම් තදබදයක් ඇතිවිය හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.

ඛනිජ තෙල් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර තිබුණ ද අවශ්‍යම දින කිහිපයක මෙලෙස ඉන්ධන නිකුත් කිරීම නතර කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට සිය විරෝධය පළ කරන බවත් කිසිදු සැලැස්මක් නොමැතිව ඔවුන් කටයුතු කිරීමෙන් අවසානයේ පාරිභෝගිකයන් අසරණ වන බවත් බෙදුම්කරුවෝ පැවැසූහ.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්ධන නිකුත් කිරීම ඊයේ (26 වැනිදා) සියයට හතළිහක් (40%) පමණ සිදුවූයේ ණය කාඩ්පත් (credit card) මාර්ගයෙන් බවත් බැංකු ද මෙම දිනවල වසා ඇති බැවින් එයින් මුදල් ලැබීම සඳහා ද දින කිහිපයක් ගතවන බවත්ය. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල් හිමියන් බහුතරයකට මුදල් නොමැති බවයි.

ජනප්‍රිය පුවත්  2016 එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ නඩුව යළි කැඳවයි |වරෙන්තුව ආපසු කැඳවීමේ මෝසම ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් අවසර
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x