October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“දෙහිවල මාලිමාවට සලකන්නේ මං !” – ශිරාන් බාෂික් පිළිගනී.

1 min read

දෙහිවල වෙරළ තීරයේ ඉදිකර තිබෙන, මීට වසර තුනකට පෙර පොලීසිය සහ වෙරලාරක්ෂක බලධාරින් එක්ව කඩා දැමූ තමාට අයත් හෝටලය, දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිතුමාගේ හා මාලිමා මන්ත්‍රීවරුන්ගේ සාද පැවැත්වීම සඳහා නොමිලේම ලබා දී තිබෙන බව දැනට රැඳවුම් නියෝග යටතේ සිටින ශිරාන් බාෂික් ප්‍රකාශ කර තිබේ.

කඩා බිඳ දැමූ හෝටලය මේ වන විට නවීකරණය කර ඉදිකර ඇති බවත්, දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ වත්මන් නගරාධිපති කිල්ලපානගේ දොන් පරාක්‍රම ශාන්ත මෙන්ම උපනගරාධිපති වින්දන එදිරිසූරිය ඉල්ලා සිටින ඕනෑම කටයුත්තකට තම හෝටලය නොමිලේ පහසුකම් සපයන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විමර්ශන නිලධාරින්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මෙම තොරතුරු අණාවරණය කර තිබේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ලක්ව සිටින ශිරාන් බාෂික් මේ වනතුරු මත්ද්‍රව්‍ය චෝදනාවන්ට අදාළ කිසිදු කරුණක් පිළිගෙන නැතැයි පැවසේ.

“Soul Beach” නැමැති තම හෝටලයේ මාලිමාවේ දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිට හා මන්ත්‍රී කණ්ඩායමට තමන් නොමිලේ ලබාදෙන සත්කාරයට ප්‍රති-උපකාරයක් ලෙස, රාත්‍රී 10 න් පසු පවතින ශබ්ද සීමා තම හෝටලයට අදාළව බලපාන්නේ නැති බව ද ඔහු අණාවරණය කර තිබේ. එම වෙරළ තීරයේ වන සෑම හෝටලයක්ම රාත්‍රී 10 න් පසු ශබ්දය පිටතට එන ලෙස සාද පැවැත්වීම තහනම් නමුත්, දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව විසින් තම හෝටලය සඳහා රාත්‍රී 12.30 වන තුරු ඊට ලිඛිතව අවසර දී තිබෙන බවද ඔහු හෙළිකර තිබේ.

ජනප්‍රිය පුවත්  ජනපතිගේ වසරක ප්‍රගතිය! A අපොයි K කරගත්ත D දෙයක්!

පසුගිය මැතිවරණවල දී “මාලිමා” ඡන්ද ව්‍යාපාරය සඳහා තමන් ලබා දී තිබෙන මූල්‍ය අනුග්‍රහයන් ගැන ද ඔහු තොරතුරු අණාවරණය කර ඇත. මීට අමතරව කොළඹ මුහුදු මාවත (Marine Drive/ Beach Road) ආශ්‍රිතව තවත් හෝටල් 5 ක හිමිකාරිත්වය තමන් සතුව ඇති බව පිලිගෙන ඇති ශිරාන් බාෂික්, ඒවාද අදාළ “මාලිමා” මන්ත්‍රිවරුන්ගේ සාද සඳහා ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

  • තිලක් වේගොඩ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x