අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්..
1 min read
ලෝකයට බලපෑම් එල්ල කර ඇති එල්නිනෝ තත්ත්වය සහ මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ආනයනික අත්‍යවශ්‍යය භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එහි සභාපති ගනේෂ් විනායගම්සුන්දරම් කියා සිටියේ ඒ අනුව ඉදිරියේදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 20 ත් 25 ත් අතර අගයකින් ඉහළ යා හැකි බවයි.
පසුගිය දින කිහිපය තුළ ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 40කින් පමණ ඉහළ ගොස් තිබේ.
