September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේනගේ දෙබරවැව මිතුරා ජ.වි.පෙ. ජගත් !

1 min read

දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ පියා දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ (පසුව දෙබරවැව ජාතික පාසල) විදුහල්පති ධූරය දරන විට ප්‍රීති පද්මන් සූරසේන ද මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ එම පාසැලෙනි. “සූරසේන සර්” යනුවෙන් හඳුන්වන ලද ප්‍රීති පද්මන් සූරසේනගේ විදුහල්පති පියා එම පාසැලේ ඉගෙනුම ලද තරුණයකුව විනය හේතුවක් මත පාසැලෙන් ඉවත් කර ඇත්තේ, වෙනත් කිසිදු පාසැලකට බාර ගැනීමට නොහැකි ආකාරයේ “අස්වීමේ ලිපියක්” ලබාදීමෙනි.

මෙයින් උරන වූ අදාළ තරුණයා තමාට අගතිය සිදුකළ විදුහල්පතිව මහමගදී පහර දී, තියුණු ආයුධයකින් ඇන මරා දමා තිබේ. සිය පියා සමග පාසැල නිම වී ගමන් කරමින් සිටි ප්‍රීති පද්මන් සූරසේන ද මෙම ඝාතනය සියැසින් දැක තිබේ.

මේ කාලය තුළ ප්‍රීති පද්මන් සූරසේන සමඟ එම පාසැලේ අධ්‍යාපනය ලද පුද්ගලයකු වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රකට දේශපාලන මණ්ඩල සභිකයකුව සිටී. ඔහු, ආරක්ෂාව පිළිබඳ විෂය බාර “ජගත්” යන නමින් හඳුන්වන්නෙකි. 88-89 මර්දන සමයේ දී කොළඹට පැමිණ ආරක්ෂිිතව විසූ මොහු, පසුව ජ.වි.පෙ. දේශපාලනය ඇරැඹීමෙන් අනතුරුව එය හා අත්වැල් බැඳගත් අයෙකි.

ජනප්‍රිය පුවත්  ජනපති 19 ඉන්දියාවට! ත්‍රිකුණාමලය වරායත් ඉන්දියාවට!

ජ.වි.පෙ. “බොල්ෂෙවික්” පක්ෂයේ ද මධ්‍යම කාරක සභිකයකු වන මොහු, එම පක්ෂය සතුව ඇති අවි ආයුධ සුරැකිව තබාගැනීම හා නායකයන්ගේ ආරක්ෂාව බාරව කටයුතු කරන්නෙකි. මේ වන විටද ජනාධිපති අනුර කුමාරගේ ආරක්ෂාව බාරව ක්‍රියා කරන පක්ෂ මූලිකයා වන්නේ මොහුය.

ප්‍රීති පද්මන් සූරසේන හා මෙම ජගත් පාසැල් මිතුරන්ව සිටි කාලය යළි අලුත් වී ඇත්තේ, ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු වීමෙන් පසුව ජනාධිපති අනුර කුමාර පාලනය ඇරඹීමත් සමඟ ය. ප්‍රීති පද්මන් සූරසේන තවත් වසර 2 ක කාලයක් වැඩිපුර තබාගැනීමට ජනාධිපතිවරයාව පොළඹවන පාර්ශ්ව අතර මෙම ජගත් නැමැති පාසැල් මිතුරා ද සිටින බව අපගේ ආරංචිමාර්ග අණාවරණය කර සිටී.

ජගත් ස්වාභාවයෙන්ම අනුකම්පාවිරහිත තීරණ ගැනීමට නැඹුරු පුද්ගලයකු ලෙස ප්‍රකට ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ජ.වි.පෙ. පලුවක් ගැලවී යන අවස්ථාවේ දී මෙම ජගත් ද ක්‍රියා කර ඇත්තේ එම ප්‍රවණතාවට බරවය. පසුව ජ.වි.පෙ. නායකත්වයේ බලපෑම මත ඔහු එම ප්‍රවණතාවයෙන් අත් මිදී තිබේ.

මාතර දික්වැල්ල ප්‍රදේශයෙන් පැවත එන ප්‍රීති පද්මන් සූරසේනගේ මව ද ගුරුවරියකි. ඇය දොඩම්පහල ප්‍රදේශයේ පාසැලක සේවය කර තිබේ. අප මෙම පුවත මගින් හෙළිකරන, “ජගත්” ලෙස හඳුන්වනු ලබන ජ.වි.පෙ. අප්‍රකට දේශපාලන මණ්ඩල සභිකයා සහ අගවිනිසුරු සූරසේන මේ වන විට සිය පැරණි මිත්‍රත්වයන් අලුත් කරගෙන සමීප සබඳතාවක් ගොඩනගාගෙන තිබේ.

ජනප්‍රිය පුවත්  සූරසේන "රී ලෝඩයට" හරිනි එරෙහි වේ !

තතුදත් ආරංචිමාර්ග පවසන්නේ මෙම පිරිපහදු වී ඇති මිත්‍රත්වය ඉතා භයානක තීරණ කරා අධිකරණය මෙහෙයවීමට හේතු වී තිබෙන බවයි. තනි පක්ෂ පාලනයක් බිහි කර ගැනීමේ ජ.වි.පෙ. රහසිගත අපේක්ෂාව සඵල කිරීමට මෙම මිත්‍රත්වය ද යොදා ගනිමින් තිබෙන බව අපගේ ආරංචිමාර්ග අවධාරණය කර සිටී.

  • දුලාර ජයවර්ධන
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x