October 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වෙනුවට ජනාධිපතිට පගාව!

1 min read

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශවීම ලංකා ඉතිහාසයේ සිදු වූ දරුණුතම සාගර පරිසර විනාශය ලෙස සැලකෙන අතර, එමගින් මෙරට පරිසරයට සිදු වූ හානිය සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2025 ජූලි 24 වන දා ඓතිහාසික තීන්දුවක් එයට අදාළව දෙනු ලැබුවේ ය.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, නෞකාව අයත් සිංගප්පූරුවේ “එක්ස්ප්‍රස් ෆීඩර්ස්” සමාගම සහ එහි දේශීය නියෝජිත ආයතනය වන “සී කන්සෝටියම් ලංකා” ආයතනය මගින් ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් බිලියනයක (USD 1 Billion) මූලික වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කෙරුණි.

එම මූලික වන්දි මුදල වාරික 3 කින් ගෙවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පළමු වාරිකය වන ඩො. මිලියන් 250 ක් 2025 සැප්තැම්බර් 23 වනදාට පෙර ගෙවිය යුතු බවට ද නියෝග කළේය. ඉතිරිය මාස 6 ක් සහ වසරක් ඇතුළත ද ගෙවා නිම කළ යුතු බවට ද එම නියෝගයෙන් දක්වා තිබුණි.

එමෙන්ම, නෞකාවේ සිදු වූ නයිට්‍රික් ඇසිඩ් කාණ්දුව පිළිබඳ තොරතුරු කොළඹ වරාය අධිකාරියෙන් හිතාමතාම සැඟවීම පිළිබඳව නෞකාවේ කපිතාන්වරයා සහ දේශිය නියෝජිතයා වරදකරුවන් බවට ද පත්කරන ලද්දේ ය. එම තීන්දුව මගින් අදාළ වන්දි ගෙවීම නිසි පරිදි සිදුකිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නැවත නැවතත් රැස්විය යුතු බව ද දක්වා තිබුණි.

ජනප්‍රිය පුවත්  මහජන බැංකුවත් බල නහරය කපා ගනී !

නමුත්, මෙම වන්දි මුදල ගෙවීම ප්‍රතික්ෂේප කල අදාළ නැව් සමාගම රු. මිලියන 250 ක සුළු මුදලක් ගෙවා තිබේ. එය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමු අමුවේම උල්ලංඝනය කිරීමක් මෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණයට අවමන් කිරීමක් ද වේ.

එම සමාගම මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර වෙත “සහන සලසන” ලෙස ඉල්ලා ලිපියක් ද යොමු කර තිබේ. අධිකරණ තීන්දුවකට මැදිහත්වන මෙන් ඉල්ලමින් ජනාධිපතිවරයා අදාළ ලිපිය (මේ සමග ඵල කර ඇත) යොමු කිරීමෙන් පසු වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දේවගැතිවරයා, ඒ. එල්. ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර 2026 ජනවාරි 26 වන දා රැස් වී සමාලෝචනය සඳහා තවදුරටත් රැස්වීම අනවශ්‍ය බවට තීරණය කර තිබේ.

පළමු තීන්දුව දෙන ලද්දේ එවකට අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සහ යසන්ත කෝදාගොඩ, ඒ. එල්. ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගිනි. එහෙත් සමාලෝචනය සඳහා වත්මන් අගවිනිසුරු විසින් පත්කර තිබුණේ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලකි. ජනාධිපතිවරයා ඇමතු අදාළ සමාගමේ ඉල්ලීමට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඒ අයුරින් බලපෑම සිදුකර තිබෙන බව පරිසර සංවිධානවල මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  සැප්තැම්බර් 12 ශ්‍රී ලංකාවට GSP+ සහනය අහිමිවීමේ දැඩි අවදානමක් ?

පළමු වන්දි වාරිකය ගෙවා නොතිබියදීත්, අදාල සමාගමේ දේශීය නියෝජිතයන්ට හෝ ඊට අදාල දඬුවම් පැමිනවීමෙන් වැලකී වන්දි අය කර ගැනීමේ “විධායකයට” පවරා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල අතහෝදාගත්තේ ජනාධිපති අනුර කුමාරට අදාළ සමාගම විසින් දෙන ලද ඩො. මි. 500 ක කප්පමේ මහිමයෙන් බව තතු දත් ආරංචිමාර්ග අණාවරණය කර සිටී.

එසේ නොවේනම්, මේ අන්දමේ මෘදු පිළිවෙතක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කඩකිරීම පිළිබඳව දක්වන්නට හේතුවක් නැතැයි නීති අංශවල මතය වී තිබේ.

මේ පිළිබඳව අනාගත පාලනයක් යටතේ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට දැනටමත් පරිසර සංවිධානය තීරණය කර ඇත.

  • ජාලිය මුතුගල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x