June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහජන බැංකුවත් බල නහරය කපා ගනී !

1 min read

විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව (People’s Bank) නිල මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.

අදාළ නිවේදනයට අනුව, මෙම දෝෂය සිදුව ඇත්තේ 2023 මැයි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය තුළයි.

එම කාලසීමාවේදී එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදු වූ දෝෂයක් නිසා ඇතැම් ගනුදෙනුකරුවන්ට ලැබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ලැබී ඇති බව බැංකුව මෑතකදී හඳුනාගෙන ඇත.

මේ වන විට එම දෝෂය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට බැංකුව කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

මෙම සිදුවීම හඳුනාගත් වහාම බැංකුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් මත මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවයි මහජන බැංකුව සඳහන් කරන්නේ.

මෙම දෝෂය හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මූල්‍යමය බලපෑම ආසන්න වශයෙන් රුපියල් මිලියන 656ක් වන බවත් මහජන බැංකුව පවසයි.

ජනප්‍රිය පුවත්  සමන් ඒකනායකට එන්න එපාලු!

කෙසේ වෙතත්, එම මුදල දැනටමත් අදාළ කාලසීමාව තුළ ප්‍රකාශයට පත් කර ඇති ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කර ඇති බැවින්, වත්මන් ගණන් බැලීම් අනුව මින් ඉදිරියට කිසිදු මූල්‍යමය බලපෑමක් අපේක්ෂා නොකරන බව බැංකුව අවධාරණය කරයි.

එමෙන්ම, මේ හා සම්බන්ධ ගනුදෙනුවලට අදාළ ගනුදෙනුකරුවන්ගෙන් එම වැඩිපුර ගෙවූ මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් සාර්ථකව සිදුකෙරෙමින් පවතින බවත් බැංකුව එම නිවේදනය මගින් සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x