October 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විහාර හා දේවාලගම්, පුරාවිද්‍යා පනත් සංශෝධනයට ! ඉල්ලීම කොටින්ගෙන්

1 min read

කොටි සංවිධානයේ විදේශගත ප්‍රධානින්ගේ ඉල්ලීම පරිදි විහාර හා දේවාලගම් පනත් කෙටුම්පත හා පුරාවිද්‍යා පනත ද තීරණාත්මක සංශෝධනයකට ලක් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

කොටි සංවිධානයේ විදේශගත ප්‍රධානින්, ජනාධිපතිවරයා සමඟ එකඟත්වය ඇතිකරගෙන තිබෙන්නේ, මහවැලි සංවර්ධන පනත අහෝසිකිරීමටත්, විහාර හා දේවාලගම් පනත බරපතල ලෙස සංශෝධනය කිරීමටත්, පුරාවිද්‍යාව පළාත් සභා විෂයක් බවට පත්කර විමධ්‍යගත කිරීමටත් ය. උතුර සහ නැගෙනහිර පළාත් තුළ පවත්නා රජයට අයත් බොහෝ ඉඩම් අයත්වන්නේ මහවැලි සංවර්ධන අධිකාරියට ය. තවත් ඉඩම් ප්‍රමාණයක් විහාර හා දේවාලගම් පනත යටතට ගැනේ. එමෙන්ම, පුරාවිද්‍යා රක්ෂිත ලෙස ගැසට් කරන ලද ඉඩම් සැලකියයුතු ප්‍රමාණයක් ද එම දෙපළාත තුල තිබේ. මේ හේතුව මත මෙම ඉඩම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය වෙනස්කම් සිදුකිරීමට ජනාධිපති අනුර කුමාර, පසුගිය ජනාධිපතිවරණයට පෙර විදෙස්ගත කොටි ප්‍රධානින් සමග එකඟතාව ඇති කරගෙන තිබේ.

ඒ අනුව මහවැලි සංවර්ධන අධිකාරිය අහෝසිකිරීමට ජනාධිපතිවරයා මේ වන විට ද තීරණය කර තිබේ.

පසුගියදා බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි විහාර හා දේවාලගම් පනත යටතේ ගැනෙන විශාල ඉඩම් ප්‍රමාණයක් ඇති බවත්, ආපදාවට ලක්වූවන්ට නිවාස සාදාදීමේ දී ඉඩම් හිඟ බැවින්, මෙම විහාර හා දේවාලගම් පනත යටතේ ඇති ඉඩම් ඒ සඳහා යොදාගත යුතු බවත් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය ඔහු විසින් සිදුකරන ලද්දේ විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමේ තම යටි අරමුණ කල්තබා සාධාරණීකරණය කිරීම පිණිසය.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිට ආරක්ෂාව වැඩියෙන් ඉල්ලයි ! යුද හමුදාවෙන් 1000 ක් !

පුරාවිද්‍යාව විෂය විමධ්‍යගත විෂයක් බවට පත්කිරීම ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් සිදුකිරීමට නියමිතය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමේ දවටනය සහිතව සිදුකෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් මගින් මධ්‍යම රජය හා පළාත් ආණ්ඩුව යන දෙකටම බලතල හිමි සමගාමි ලයිස්තුව ඉවත්කර, බලතල දෙගොඩට බෙදීමට ජනාධිපතිවරයා කොටි ප්‍රධානින්ට පොරොන්දු වී ඇත.

මීට සාමගාමීව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත්කර, එය වෙනත් ස්ථානයකට රැගෙනයාම ද සිදුකිරීමට නියමිතය. චෙම්මනි මිනීවල හා තවත් එවැනි ස්ථාන කිහිපයක් ගොඩ දැමීම හරහා ශ්‍රී ලංකාව හමුදාව උතුර හා නැගෙනහිර භූමියේ රැඳී සිටීමට එරෙහි වෛරී ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සැලසුමේ කොටසක් බව අප වෙත වාර්තා වී තිබේ.

ජනාධිපති අනුර කුමාර විදෙස්ගත කොටි ප්‍රධානින්ට පොරොන්දු වී ඇත්තේ, ගනු ලැබීමට නියමිත එම පියවරයන්ට එරෙහිවිය හැකි සියලු දෙනා “හොරු” ලෙස අර්ථගන්වා සිරගත කිරීමෙන් පසු මෙම තීරණාත්මක පියවර ක්‍රියාවට නංවන බවය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාම කාලයම දීර්ග කර ගැනීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ග දියත් කිරීම ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබේ.

  • ජගත් පී. දිසානායක
ජනප්‍රිය පුවත්  සූරසේන "රී-ලෝඩ්" එකට එරෙහිව රට පුරා නීතිඥයෝ කොළඹට !
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x