September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01 සිට අනිවාර්යය කරයි

1 min read

සංශෝධිත එකතු කළ අගය මත බදු හෙවත් වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01වනදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

අදාළ ඉන්වොයිස් ආකෘතිය නිකුත් කිරීම ජුලි මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ව්‍යාපාරික ප්‍රජාවට සහ බදු ගෙවන්නන්ට පද්ධති සූදානම් කර ගැනීමට සහන කාලයක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

ඩිජිටල් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ බදු ජාලයේ විනිවිද භාවය ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය මාර්තු 27 වන දින මෙම නව ඉන්වොයිස් ආකෘතිය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කෙසේවෙතත් මේ සදහා ආයතනික මට්ටමින් මෘදුකාංග පද්ධති යාවත්කාලීන කර ගැනීමට අවශ්‍ය බවට ව්‍යාපාරිකයින් විසින් ඉල්ලීම් සිදුකර තිබු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම ඉල්ලීම් සළකා බලා ඔක්තෝබර් 01 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි නියමිත පිරිවිතරයන්ට අනුකූලව සිය ගිණුම්කරණ සහ බිල්පත් පද්ධති සකස් කර ගන්නා ලෙස අදාළ ව්‍යාපාරිකයින්ට දැනුම් දී තිබේ.

ජනප්‍රිය පුවත්  “හොරුන් ඇල්ලීම” වෙනුවට “හෙළිදරව් කරන්නන් දඩයම් කිරීම”: දූෂණය හෙළි කළ වෛද්‍ය බෙල්ලනට වැඩ තහනම්!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ව්‍යාජ ඉන්වොයිස් භාවිතය වැළැක්වීම, ගනුදෙනු පිළිබඳ ව නිසි කාලයට නිරීක්ෂණය කිරීමේ හැකියාව සහ බදු කාන්දු වීම අවම කිරීම මෙහි අරමුණ වන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x