September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනිට එරෙහිව කැරැල්ලක් !

1 min read

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කිසිදු ප්‍රකාශයක් නොකර සිටිය ද එයට විරුද්දව මත දක්වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකව ඒ සඳහා උනන්දු කර ඇත්තේ ඇය විසින් බව පැලවත්ත ප්‍රධානින් අණාවරණය කරගෙන තිබේ. ඒ අනුව, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමේ අභ්‍යන්තර මෙහෙයුමක් අගමැතිනිය විසින් දියත්කර ඇතැයි යන තොරතුරු වාර්තාවීමත් සමඟ පැලවත්තේ ප්‍රධානීන් බෙහෙවින් කලබලයට පත්ව සිටිතැයි අපගේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් තරඟ වැදුණු, ජනාධිපතිවරයාගේ සමීප නීතිඥ කවය තුළ සිටින නීතිඥ උපුල් කුමාරප්පෙරුම 22 ට පක්ෂව කට නොහරින්නේ අගමැතිනියගේ හා ඔහු අතර වන සමීප සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයැයි පැලවත්තට තොරතුරු වාර්තා වී තිබේ.

එමෙන්ම, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් වැලකිය යුතුයැයි සිතන මාලිමාවේ මන්ත්‍රිවරු කණ්ඩායමක් සමග ද අගමැතිනිය පෞද්ගලිකව සබඳතා ගොඩනගාගෙන ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයාට, නිතිපතා බුද්ධි වාර්තා මඟින් ද මේ පිළිබඳ ඇතැම් තොරතුරු ලැබී ඇතැයි පැවසේ.

කවර පීඩනයක් එල්ල කර හෝ ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ දී අගමැතිනිය ලවා 22 වැනි සංශෝධනයට පක්ෂව ප්‍රකාශයක් සිදුකරවා ගැනීම මෙයට ඇති හොඳම විසඳුමයැයි පැලවත්ත තීරණය කර තිබේ. ඒ අනුව, ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ අගමැතිනිය ලවා අදාල ප්‍රකාශය සිදු කරවා ගැනීමේ “මෙහෙයුම” මේ වන විට දියත් කර තිබේ.

ජනප්‍රිය පුවත්  ඇමතිවරුන්ගේ වත්කම් ගැන කතා කිරීම තහනම් !

මේ අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සමීප ඥාතිවරයෙක් බවද පැවසේ. මේ සමීප ඥාතිත්වය මත, 22 වැනි සංශෝධනයට එරෙහිව මේ දෙදෙනා අතර ද අදහස් හුවමාරුවන බව පැලවත්තට වාර්තා වී තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධූර කාලය දීර්ග කිරීමට තමන් එකඟ නැති බව අගමැතිනිය සිය සමීප හිතවතුන් සමග පවසා තිබේ. එම තොරතුරු ද පැලවත්තට වාර්තා වී ඇතැයි අපගේ ආරංචිමාර්ග පෙන්වා දෙනු ලබයි.

  • තිළිණ තල්ගහදුව
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x