September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

1 min read

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ එදිනට අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර ඊට මුල් අවස්ථාවේ සිටම ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තර සංවිධාන රැසකින් විරෝධය එල්ල විය.

විරෝධය මැද අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජය ඉකුත් 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගැණින.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් සමඟ පැවති හමුවේදීත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංශෝධනය සිදුකළ යුතු බවට වූ ස්ථාවරයේ පසුවිය.

මෙවැනි පසුබිමක අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

ජනප්‍රිය පුවත්  “මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා” සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා! මදුරෝ අධිකරණයේදී කියයි

මීට සමගාමීව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතද එදිනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අධිකරණ අමාත්‍යවරයා පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x