September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

1 min read

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මතුගම සෙනෙවිරුවන් මහතා සඳහන් කළේ, මෙම ඓතිහාසික හා සංස්කෘතික උරුමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිදුකරන වැඩපිළිවෙලට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන බලපෑම් හා බාධාවන් හේතුවෙන් මෙම අර්බුදය මතුව ඇති බවයි.

කන්නියා පුරාවිද්‍යා භූමිය යනු වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන බෞද්ධ හා ජාතික උරුමයක් වන අතර, එහි ඇති චෛත්‍යය ඇතුළු පුරාවිද්‍යාත්මක නටබුන් සුරක්ෂිත කර අනාගත පරම්පරාවට දායාද කිරීමේ කඩිනම් අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x