September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

1 min read

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය කණුපැලැල්ලේ අනුරුද්ධ හිමියන් සඳහන් කළේ, අතිශය සංවේදී පූජනීය භූමියක් වන මෙම ස්ථානයට ව්‍යාජ ඔප්පු සකස් කරමින් විවිධ පාර්ශ්වයන් අයිතිවාසිකම් කීමට උත්සාහ කරන බවයි.

2017, 2018 කාලයේදී මෙම ස්ථානයට අයත් අක්කර 90ක පමණ ඉඩමක් තිබූ බවත් 2018 කාලයේදී පැවති රජය විසින් එයින් අක්කර 80ක් පමණ අන්‍යාගමිකයින්ට බෙදා දුන් බවත්, ඉතිරිවූ අක්කර 10ක ප්‍රමාණයෙන් අක්කර 3ක් පමණ පිච්චමල් විහාරයට අයත් භූමිය ලෙස පිහිටා ඇති බවත් උන්වහන්සේ සඳහන්කරති.

තවත් අක්කර ගණනක් කුච්චවේලි පොලිසියට අයත්ව තිබූ බවත් පසුව 2023 දී පොලිසිය වෙනත් ස්ථානයකට රැගෙනයාම නිසා එම ඉඩම ප්‍රදේශීය ලේකම් යටතට පත්වූ බවත්, විශාල පුරාවිද්‍යා නටඹුන් ප්‍රමාණයක් පවතින මෙම ඉඩම වර්තමානයේ විවිධ පුද්ගලයන් විසින් ව්‍යාජ ඔප්පු සකස්කර නතුකර ගැනීමට උත්සාහ දරන බවටත්, එම පුරාවිද්‍යා නටඹුන් බොහෝමයක් මේවන විට විනාශකර දමා ඇති බවටත් උන්වහන්සේ චෝදනා කරති.

ජනප්‍රිය පුවත්  අවුරුද්දට පස්සේ ඩීසල් ලීටරේ 600ක් කළ යුතුයි…! – ධනනාත් ප්‍රනාන්දු….

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x