September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පතිගෙන් ඇප පාටියක් !

1 min read

පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කොළඹ 7, කුරුඳුවත්ත, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ පසුගිය ඉරිදා (09) රාත්‍රියේ විශාල සාදයක් පවත්වා තිබේ.

පොලීසියේ වියදමින් දෙන ලද මෙම සාදය නම් කර තිබුණේ “බැජ් පාටිය” ලෙසිණි. පොලිස්පතිවරයා සමග සමකාලීනව නීති වෘත්තිය හැදෑරූ කොළඹ සරසවියේ ඉගෙනුම ලද නීතිඥයන් රැසකට මෙයට ආරාධනා ලැබ තිබුණි. මීට අමතරව, අධිකරණ සේවයේ හා රාජ්‍ය සේවයේ ප්‍රධාන තණතුරු දරන ඔහුගේ හිතවතුන් ද මීට සහභාගි වී තිබේ.

විදේශීය මත්පැන් යහමින් පැවැති මෙම සාදයේ දී එයට සහභාගි වූ පොලිස්පතිවරයාගේ සමකාලීන මිතුරකු වූ නීතිඥයකු ඔහුගෙන් විමසා ඇත්තේ මෙය “බැජ්” පාටිය ද ? නොමැතිනම් “ඇප පාටිය” ද ? යනුවෙනි.

එම ප්‍රශ්නයෙන් අදහස් කරන ලද්දේ කුමක්දැයි නොවැටහුණු පොලිස්පතිවරයා “ඒ කිව්වෙ ?” යනුවෙන් පෙරලා විමසා තිබේ. ඊට පිළිතුරු දෙමින් අදාළ නීතිඥයා පවසා ඇත්තේ “ඊළඟ ආණ්ඩුවකින් ඔයාව අත්අඩංගුවට අරන් උසාවියට ගේනකොට ඇප ඉල්ලන්න ඕන කරන නීතිඥ සමූහය හදාගන්න පාටිය නේද මේ ?” යනුවෙනි.

එය වටහාගත් පොලිස්පතිවරයා පවසා ඇත්තේ, “ඔව්.. ඔව්.. ඊළඟ පූජිත වෙන්න වෙන්නෙ මට තමයි” යනුවෙනි.

ජනප්‍රිය පුවත්  වසර 150ක ඉතිහාසයේ පළමු වතාවට නිල ඇඳුමෙන් මරු ගැහිල්ලක්!

මේ සාකච්ඡාව ඇසුණු ඒ අවට සිටි සැවොම ඉන්පසු පොලිස්පතිවරයා දුන් සාදය හඳුන්වා ඇත්තේ “ඇප පාටිය” යනුවෙනි.

  • ගයන් ගීතදේව
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x