September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සමාව ඉල්ලන්නේ නෑ.. ප්‍රකාශය ගැන සාගරගෙන් කනගාටුව විතරයි..

1 min read

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා අපැහැදිලි බව පවසමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

පිටු 17 කින් යුත් නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටත් නියෝග කලේය.

මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ඊයේ (10) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඔහු, පස්වරුව වන විට කඩුවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිය.

පසුගිය අගෝස්තු 03 වනදා පැවැති මාධ්‍ය හමුවකදී, වත්මන් පොලිස්පතිවරයා ආණ්ඩුවට සේවය නොකර ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිසුන්ගෙන් ගුටි කෑමෙන් මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ඉතිහාසගත නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පවසමින් තර්ජනය කළ බවට මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  බාල ගල් අඟුරු සමාගමට දඩ ගැහුවොත් සමාගම බංකොලොත් වෙයි! – ඇමති බිමල්

පොලිස්පතිවරයා සහ විහාරාධිපතිවරුන් තිදෙනෙකු කළ පැමිණිලි මත දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ චෝදනා ගොනු කළ බවත්, වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අගෝස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, පොලිසිය ගොනු කළ චෝදනා අධිකරණය හමුවේ තහවුරු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා, අනුබල දීම සහ තැත් කිරීම වැනි චෝදනා ස්වාධීනව පවත්වාගෙන යා නොහැකි බවත්, ඉදිරිපත් කළ කරුණු තුළින් චෝදනා පැහැදිලිව ගම්‍ය නොවන බවත් පෙන්වා දුන්නේය.

සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ප්‍රකාශයේ කොතැනකවත් පොලිස්පතිවරයාට මරණ තර්ජනයක් කර නොමැති බවත්, ඉදිරිපත් කර ඇති සියලු චෝදනා ඇප දිය හැකි මට්ටමේ පවතින බවයි.

දේශපාලන නායකයෙකු ලෙස භාවිත කළ යුතු ශිෂ්ට සම්පන්න භාෂාව සහ ප්‍රකාශයේ බරපතලකම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී විත්ති පාර්ශ්වයේ අවධානය යොමු කළ අතර, නීතිඥවරයා විත්තිකරුගෙන් විමසා එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත කනගාටුව පළ කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය ලබන සැප්තැම්බර් 24 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේය.

ජනප්‍රිය පුවත්  අස්වැසුම කියන්නේ නිර්වින්දනය කළ ඡන්ද - ආණ්ඩුව රැකගන්න දිගටම අස්වැසුම දෙන්න!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x