පොලීසියේ මධ්‍යම අපරාධ කාර්යංශය විසින් පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් අත් අඩංගුවට ගනී !
1 min read
පොලිස්පතිවරයා මහමගදී ඝාතන තැතක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ප්‍රකාශයක් දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අද (10) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිට ඇත.
එහිදී, පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම, ජනාධිපති මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත, ඒ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
- විදුර කරණාතිලක
