August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හදිසියේ බිහිවූ ක්‍රීඩකයන්ගේ සංගමය ක්‍රිකට් ක්‍රීඩාවේ බළල් අතක අවශ්‍යතාවක්?

1 min read

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය නමින් හදිසියේම පාහේ සංගමයක් බිහිවීම, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අනියම් ලෙස බලපෑම් කරනු ලබන හස්තයක් විසින් ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවට සෘජුවම බලපෑම් කිරීමේ අරමුණින් සිදුකළ කටයුත්තක්ද යන සැකය ක්ෂේත්‍රයේ මතුව තිබේ.

ඉකුත් සතියේ බිහිවූ මෙම සංගමය, වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාකරන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංගමයක් ආකාරයෙන් ක්‍රියාත්මක අතර මෙය එම ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ කොන්දේසි සමග ද ගැටීමක් ඇතිවන තත්ත්වයක් බව පැවසේ. (එම කොන්ත්‍රාත්තුව අනුව වත්මන් ක්‍රීඩකයන්ට සංගම් වශයෙන් සංවිධානය වීමට අවසරයක් නැත)

නමුත් මේ වන විට කෙටුම්පත්කර ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව මගින් ක්‍රිකට් ක්‍රීඩකයන් නියෝජනය වන සංගමයකට ඝෘජුවම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඇතුළත් වීම පිණිස අවස්ථාව හිමිවේ. එබැවින් හදිසියේම මෙවැනි සංගමයක් බිහිවීමට හේතුව එය විය හැකි බවත්, ඒ අනුව මෙවැනි සංගමයක් පිළිගැනීමට ලක්කිරීම හරහා (අදට ද ක්‍රීඩකයන්ව සිය අවශ්‍යතාවන්ට අනුව මෙහෙයවන) එකී පිරිසකට මෙරට ක්‍රිකට් පරිපාලනයට සෘජුවම බලපෑම් කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවටත් සැක පළවේ.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේගේ බිරිඳගෙන් ශානි අබේසේකරට ලිපි දෙකක්

මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කළ සහ ක්‍රීඩාකරන ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනිසිටි ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය’ නමින් වසර 25ක් පමණ ක්‍රියාත්මක සංගමයක් තිබියදී, මෙලෙස හදිසියේ වෙනත් සංගමයක් පිහිටුවීම ද විමතියට කරුණක්ව තිබේ.

හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් වන අනුර තෙන්නකොන්, බන්දුල වර්ණපුර ආදීන් සාමාජිකයන් ලෙසින් සිටි මෙන්ම වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයන් වන සිදත් වෙත්තමුණි සහ රොෂාන් මහානාම ආදීන් විසින් ඉහළ තනතුරු දරනු ලැබූ එම සංගමයට 96 ලෝක කුසලාන දිනූ ක්‍රීඩකයන්ද ඇතුළත්වන අතර වත්මන් වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල හඳුන්වාදීම සහ ‘ක්‍රිකට් ලෙජන්ඩ්ස් නයිට්’ ආදී වශයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමට ලක්කිරීමත්, ආර්ථික වශයෙන් අපහසුතා විඳින හිටපු ක්‍රීඩකයන්ගේ සුබසාධනය සැලසීමත්, එවක ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේදී ක්‍රීඩකයා සහ ක්‍රිකට් පරිපාලනය අතර අතරමැදියකු ලෙසින් කටයුතු කිරීමත් ඔවුන් එමගින් සිදුවිය. එම ක්‍රීඩක කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 2ක මුදල් දායකත්වයක් සහ 96 ලෝක කුසලාන ක්‍රීඩකයන් විසින් පිහිටවූ අරමුදලක් ආදියෙන් මෙහි මුල්‍ය අවශ්‍යතා සපුරාගන්නා ලදි.

නමුත් මෙයට වසර කිහිපයකට මත්තෙන් නමගිය ක්‍රීඩකයකු කණ්ඩායම මෙහෙයවූ කාලයේදී, එවක ක්‍රීඩාකරමින් සිටි ක්‍රීඩකයන්ගේ දායකත්වය මෙම සංගමයෙන් පසෙකට කළ නමුත් ඉකුත්දා බිහිවූ නව ක්‍රීඩක සංගමය පිහිටුවීම වෙනුවෙන් එම ක්‍රීඩකයා බොහෝ උනන්දුවෙන් ක්‍රියා කර ඇතැයිද සැලවේ.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිතුමාගේ අම්මාටත් අපහාස කරනවා… අපි දුන් ප්‍රජාතන්ත්‍රවාදය වල්බූරු නිදහසක් කර ගන්න එපා…! – නි. ඇමති මහින්ද ජයසිංහ…

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x