August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොල්ෆින් සුළි කුණාටුව නිසා චීනයේ මිලියනයක් ආරක්ෂිත ස්ථාන වෙත..

1 min read

මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන ඩොල්ෆින් සුළි කුණාටුව, ඊයේ පස්වරුවේ චීනයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදිණි.

ඒ, පැයට කිලෝමීටර් 151 ක වේගයකින්.

කුණාටුවේ බලපෑමත් සමඟ මේ වන විට මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුණාටුවේ බලපෑමත් සමඟ එම කලාපය පුරා ප්‍රවාහන කටයුතු දැඩි ලෙස ඇණහිට ඇති අතර, ෂැංහයි නගරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 30,300 ක් පමණ ඉවත් කර ඇති බවත්, ගුවන් ගමන් 1,400 ක් පමණ අවලංගු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x