August 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාර ගැටුම කලාවක් නම්, එහි පිකාසෝලා ජෙප්පන්ය…

1 min read

බන්ධනාගාර කැරලි හැදීමටත්, බන්ධනාගාර කඩා තම සංවිධානයේ ත්‍රස්තවාදී සිරකරුවන් මුදා ගැනීමටත් කප් ගැසූ සංවිධානයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ යි. ඒ කියන්නේ බන්ධනාගාර ගැටුම් කලාවේ පිකාසෝලා ජෙප්පන්ය.

ඒ අතීතය කොතරම් සරදම් සහගතද යත්, ලංකාවේ ආණ්ඩු බලය ලබාගෙන ඇති මේ ජවිපෙ ත්‍රස්තවාදී සංවිධානයටම ඒ බන්ධනාගාර කැරලිම අභියෝගයක් වීමයි.

ජවිපෙ විසින් ලංකාවේ බන්ධනාගාර කැරලි ඇතිකර, පිටත කාඩර්ලාගේ සහායද ලබාදී බන්ධනාගාර බිඳ ත්‍රස්තවාදීන් මුදවාගත්, අවි පැහැර ගත් ඒ ඉතිහාසය මෙම ලිපියෙන් ඔබට ගෙන ඒමට මා සිතුවේ ඒ නිසයි.

මම මේ කියන කතාව බොරුවක් නම්, සාක්ෂියට කැඳවීමට සුදුස්සෙක් නම් කිරීමටද මම කැමතියි. ඔහු කලකට පෙර ජවිපෙ සැඟවුණු නායකයා වශයෙන් කටයුතු කළ කෙනා බවද කියන්න කැමතියි. ඒ කියන්නේ ජවිපෙ විසින් සමාජයට පෙන්වන නායකයාට අමතරව සත්‍ය නායකයෙක්ද සිටි බවයි. සෝමවංශ අමරසිංහ නායකයා ලෙස පෙනී ඉන්න කාලෙ ජවිපෙ සැඟවුණු නායකයා වුණේ මෙන්න මෙයා තමයි. ඔහු නමින් ප්‍රේමකුමාර් ගුණරත්නම්.

1988 දෙසැබර් 13 වෙනිදා බොරැල්ල මැගසින් බන්ෂධනාගරය තුල අද වගේම සිරකරු කැරැල්ලක් ඇති වුණා. ඒක රහසිගත කුමන්ත්‍රණයක එක් කොටසක් බව බන්ධනාගාර අධිකාරිය දැන හිටියේ නෑ. ඇතුලේ කැරැල්ලට සමගාමීව පිටතින් කන්ඩායම් හතරකුත් ආයුධ සන්නද්ධව අවස්ථාව එනතුරු බලං හිටියා.

ජනප්‍රිය පුවත්  බැංකු, ජවිපෙ කල්ලි, අයිස්, ජනපති මහත්තයා සහ මහ බැංකුවේ Money Laundering සර්ලා

පසුව මේ පිටත කාඩර්ලා මැගසින් බන්ධනාගාරයට හතර වටින් ප්‍රහාර එල්ල කරා. තාප්ප බිත්ති බිඳින්න පිටත කණ්ඩායමට ඇතුලෙ ජෙප්පොත් සහය දුන්නා.

අවසානයේ ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් මැගසින් බන්ධනාගාර අවි ගබඩාවේ තුවක්කු සහ පතුරම් විශාල ප්‍රමාණයක් පැහැර ගත්තා. ජවිපෙ රැඳවුම්කරුවන් 221 මුදා ලගත්තා. ඒ 221 න් එක්කෙනෙක් තමයි ප්‍රේමකුමාර් ගුණරත්නම්.

ඒ විතරක් නෙවෙයි…

1988 නොවැම්බර් 09 අනුරාධපුර බන්ධනාගාරයේදිත් ජවිපෙ මේ වගේම කැරැල්ලක් ඇතිකරලා ජවිපෙ කඩර්ලා සිය ගණනක් මුදා ගත්තා. රිපීටර් තුවක්කු 17 ක්, රිවෝලර් 03 ක්, පතුරම් තුවක්කු 11 ක්, පතුරම් තොගයක් පැහැර ගත්තා.

1988 දෙසැම්බර් 10 බෝගම්බර බන්ධනාගාරයේත් ඒ විදියටම නොසන්සුන්තාවක් ඇතිකරලා පිටත කණ්ඩායම් වල සහාය අරගෙන
තමන්ගේ ත්‍රස්තවාදී සංවිධානයේ සිරකරුවන් රැසක් මුදාගත්තා. ඒ විතරක් නෙවෙයි.. ටී56 ගිනිඅවි 40 ක්, පිස්තෝල 35 ක්, කඳුළුගෑස් උපකරණ, පතරොම් පැහැර ගත්තා.

1988 ඔක්තෝබර් 29 වෙනිදත් බන්ධනාගාර ගැටලුවක් ජවිපෙ ඇතිකළා. ඒ, කළුතර පැලවත්ත රැඳවුම් කඳවුර ඇතුලෙදි. ජවිපෙ රැඳවුම්කරුවන් 110 ක් මුදා ගන්නත්, අවි ආයුධ විශාල ප්‍රමාණයක් පැහැර ගන්නත් එතනදිත් ජෙප්පො කටයුතු කළා.

ජනප්‍රිය පුවත්  මේ තියෙන්නේ අපේ අවට රටවල ඉන්ධන මිල ප්‍රතිශත විදියට ගලපන විදිය.

අනුරාධපුර බන්ධනාගාරයේදිත් ඒ විදියටම නොසන්සුන්තාවක් ඇතිකරලා අවි සහ ත්‍රස්තවාදී සිරකරුවන් මුදා ගැනීමටත් ජවිපෙ කටයුතු කළා. ඒ, 1988 නොවැම්බර් 09 වෙනිදා. ජෙප්පන් එදා තමන්ගේ පක්ෂෙ ත්‍රස්තවාදී සිරකරුවන් 23 ක් මුදා ගත්තා. රිපීටර් 17, රිවොලර් 03, පතරොම් තොගයක් පැහැර ගත්තා.

බෝගම්බර බන්ධනාගාරය ඇතුළෙ ජවිපෙ කැරලිකරුවෝ කුමන්ත්‍රණය පටන් ගත්තෙ 1988 දෙසැම්බර් 10 වෙනිදා. ජවිපෙ ත්‍රස්තවාදීන් 05 ක් එදා ඔවුන් මුදා ගත්තා. තුවක්කු 35 ක්, පතරොම් තොගයක් පැහැර ගත්තා.

1989 මාර්තු 20 මහියංගනය රැඳවුම් කඳවුරෙත් නොසන්සුන්තාවක් ඇතිකරලා පිටත කණ්ඩායම් වල සහාය ඇතිව කැරලිකරුවන් 51 ක් මුදා ගන්නත් අවි ආයුධ පැහැර ගන්නත් ජෙප්පො කටයුතු කළා.

ඉතින් මිත්‍රවරුනි,

බන්ධනාගාර කැරලි නිර්මාණය කරන්නත්, බන්ධනාගාර වලින් සිරකරුවන් මුදා ගැනීමටත්, බන්ධනාගාර වල ආයුධ පැහැර ගන්නත් අත්දැකීම් තියෙන වෙනත් කිසිදු කණ්ඩායමක් ලංකාවෙ ඉන්නවද ?

ඇත්තම කතාව තමයි ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම් වුණු එල්ටීටීඊ සංවිධානයටවත් බැරිවුණා බන්ධනාගාර කඩලා තමන්ගේ එවුන් මුදාගන්න හොඳේ.

අසීමිත ආණ්ඩු බලයක්, සන්නද්ධ බන්ධනාගාර ආරක්ෂක බලමුළුවක්, සේනාධිනායක බලය සහිත ත්‍රිවිධ හමුදාවක් වගේම පොලීසියකුත් තියෙද්දී නිරායුධ සිරකරුවන් පාලනය කර ගන්න බෑ කියලා මේ තරම් කෙඳිරි ගාන නපුංසක ආණ්ඩුවක් අපි නං දැක්කමයි.

ජනප්‍රිය පුවත්  පක්ෂ මාරු කිරීම වැලකීම නිවැරදිද ?

අපේ වාසනාවට, රටේ වාසනාවට හොඳ වෙලාවට තොපි බලේට එද්දී කොටි ත්‍රස්ථවාදී යුද්ධයක් තිබුණෙ නැත්තෙ. එහෙම වුණානං ලංකාවෙ පැම්පස් එකක් හොයාගන්න නැතිවෙනවා…. තොපිට කලිසමේ රෙවෙන තරමට….

අනුර… උඹට ඕක කරන්න බෑ… ඕක දීපං ළමයෙකුට….

  • උපුල් ගලප්පත්ති
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x