August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක්…! – මුජිබුර් රහුමාන්

1 min read

ශ්‍රී ලංකාව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රවල පවතින විවිධ දෝෂ සහ ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බ්‍රිතාන්‍යයේදී රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. විදේශ ගමන් බලපත්‍රය නිසි පරිදි කියවීමට නොහැකි වීම හේතුවෙන් එය ව්‍යාජ එකක් බවට සැක කරමින් බ්‍රිතාන්‍ය ආගමන විගමන බලධාරීන් මෙම පියවර ගෙන ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මීට පෙර පිටු 64කින් සමන්විත වූ බලපත්‍රය මේ වන විට පිටු 48ක් දක්වා අඩු කර ඇති නමුත්, ඒ සඳහා අය කරන රුපියල් 6000ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ද ඔහු පැවසීය.

නව බලපත්‍රවල නිරීක්ෂණ පිටු හෝ කාලය දීර්ඝ කිරීමේ පිටු ඇතුළත් නොවන බවත්, එහි මුද්‍රණ ගුණාත්මකභාවය ඉතා පහළ මට්ටමක පවතින බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

විශේෂයෙන්ම ආගමන විගමන මුද්‍රාව තැබීමේදී තීන්ත අනෙක් පසට මතු වීම වැනි ගැටලු නිසා ඇතැම් රටවල් මෙම බලපත්‍ර ප්‍රතික්ෂේප කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  බැති සිතින් කුසලට ගොස් කෝච්චියේ කසළ වපුරලා

මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ බලපත්‍රවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් නොමැති බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පිටු ගණන අඩු කිරීම ලෝකයේ අනෙක් රටවල් ද අනුගමනය කරන ක්‍රමවේදයක් බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් ලබා ගැනීම සඳහා වූ ටෙන්ඩරය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් පවතින බවත්, ඊ-පාස්පෝට් (E-Passport) ක්‍රමය හඳුන්වා දීමේදී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x