August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි..

1 min read

දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

වසර ගණනාවක් පුරා එරට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීම, රජයේ වියදම් සියයට 40කින් පමණ අඩු කිරීම සහ තෙල් හා ගෑස් කර්මාන්තය යළි ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රධාන ප්‍රතිපත්ති අතර වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

48 හැවිරිදි ඩි ලා එස්ප්‍රියෙල්ලා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය සාම්ප්‍රදායිකව අගනුවර වන බොගෝටා නුවරදී නොපවත්වා, රටේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කාලි නගරයේදී පැවත්වා තිබේ.

සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා මාර්ගයෙන් සාමය ඇති කිරීමට උත්සාහ කළ හිටපු වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ප්‍රතිපත්තිය ඩි ලා එස්ප්‍රියෙල්ලා දැඩි ලෙස විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, රටේ ස්ථාවරත්වයට හානි කරන කිසිදු ක්‍රියාමාර්ගයකට ඉඩ නොදෙන බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ත්‍රස්ත ක්‍රියාකාරකම් “නොනවත්වා පරාජය කරන” බවද ඔහු අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම සන්නද්ධ කණ්ඩායම් සමග තවදුරටත් සාකච්ඡා කිරීමේ අවස්ථාව අවසන් වී ඇති බවත්, රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඔහු සඳහන් කර තිබේ.

ජනප්‍රිය පුවත්  චීනයෙන් කියුබාවට ඩොලර් මිලියන 80 ක් සහ සහල් ටොන් 60,000 ක්!

වාර්තාවන්ට අනුව, ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියානු ව්‍යාපාරිකයින්ට ප්‍රකාශ කර ඇත්තේ, තම රජය කොලොම්බියාවේ ආයෝජනය කිරීමේදී ඔවුන්ගේ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x