අකිලගේ ජීවිතය අවධානමක…! එජාපයෙන් විශේෂ ඉල්ලීමක්
1 min read
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ජීවිතයට බන්ධනාගාරය තුළදී දැඩි අවදානමක් මතුව ඇති බව එම පක්ෂය පවසයි. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරාල මහත්මිය විසින් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
අගෝස්තු මස 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින වගකීම බන්ධනාගාර බලධාරීන් සතු බව එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
බන්ධනාගාරය තුළ දැනට පවතින තත්ත්වය හමුවේ ඔහුගේ ජීවිතය අනතුරට ලක්වීමේ අවදානමක් පවතින බවත්, ඒ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බවත් මහලේකම්වරිය පෙන්වා දෙයි.
මෙම බරපතළ තත්ත්වය පිළිබඳව සහ අකිල විරාජ් මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අවස්ථාවක් ලබා දෙන ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.
