August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලීසියේ ලොකු පුටු කිහිපයකට ස්ථාන මාරුවීම්

1 min read

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර මහතා විශේෂ කාර්යාංශයේ සිට නැගෙනහිර පළාත දක්වාද, ‍දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කිත්සිරි ජයලත් මහතා සබරගමු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර යවා ඇත.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ළමා හා කාන්තා කාර්යාංශයට අමතරව පුහුණු හා උසස් පුහුණු තනතුරේ වැඩ බැලීම සඳහාද පත් කර තිබේ.

එමෙන්ම විශේෂ ආරක්ෂක තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණානායක මහතා එම තනතුරේ සිට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යැවීමටද පියවර ගෙන ඇති අතර උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද මාරු කර යවා තිබේ.

තවද සහකාර පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

ජනප්‍රිය පුවත්  මිලින්ද මොරගොඩව ගෙන එන්න චම්පික, දයාසිරි, ශ්‍රීලනිපය සැරසෙති!

ඒ අනුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා එම තනතුරේ සිට පොලිස් ක්ෂේත්‍ර බළකාය වෙත මාරු කර යැවීමටද පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x