August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මගේ සම්බන්ධතා නිසා ඇමරිකානු බදු අඩුකර ගන්න පුළුවන් වුණා…! – මහින්ද සමරසිංහ….

1 min read

ඇමරිකානු තීරු බදු සිය සබඳතා හේතුවෙන් අඩුකර ගැනීමට හැකි වූ බව හිටපු ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ පවසයි.

පළමු වටයේදී එම බද්ද සියයට 40 සිට සියයට 32 දක්වාද අනතුරුව ඇමරිකානු නිලධාරීන් තමන් විශ්වාස කර අනෙක් රටවල් හා සමානව එය සියයට 20 දක්වා අඩුකළ බවද හෙතෙම පෙන්වා දෙයි.

තම රටේ භාණ්ඩ මත පනවා ඇති බදු ඉවත් කළ හැකි නම් එම බදු සහනය ලබාදිය හැකි බවට ඇමරිකානු නිලධාරීන් සිදුකළ ප්‍රකාශයට ජනාධිපතිතුමාගෙන් නොවිමසාම තමාට ක්ෂණිකව ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට සිදුවූ බවද හිටපු තානාපතිවරයා සඳහන් කරයි.

අනතුරුව එම සිදුවීම පිළිබඳ ජනාධිපතිතුමා දැනුම්වත් කළ අවස්ථාවේ එතුමාද තම ක්‍රියාව අගය කළ බවද මහින්ද සමරසිංහ අවධාරණය කරයි.

හිටපු තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතමිනි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x