August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ව්‍යවස්ථා සංශෝධන සහ ජනමත විචාරණ ගෙන ඒමට සූදානම් වන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කරගැනීමේ අරමුණින්.. – පාඨලී

1 min read

වත්මන් රජය විසින් ව්‍යවස්ථා සංශෝධන සහ ජනමත විචාරණ ගෙන ඒමට සූදානම් වන්නේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හානි කරමින් ජනාධිපතිවරයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කරගැනීමේ අරමුණින් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ණය ගෙවීමේ කාලසීමාව එළඹෙන 2028 වසරට පෙර ජනමත විචාරණයක් පවත්වා ආණ්ඩුවේ කාලය දීර්ඝ කරගැනීමට උත්සාහ දරන බවයි. එහිදී තමන්ට හිතවත් විනිසුරුවරුන් පත්කර ගැනීම හෝ ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් මතුවන දේශපාලන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

පොලිස් මෙහෙයුම්වලින් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම නිසා බන්ධනාගාර පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, 800 දෙනෙකු සිටිය යුතු ස්ථානයක පුද්ගලයින් 4,000ක් පමණ රඳවා සිටින බවත්, එහි සිටින පිරිසට නිදා ගැනීමටවත් ඉඩක් නොමැති බවත් පැවසීය.

තවද, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඇප ලබාගැනීමේදී පවතින නීතිමය බාධා සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ප්‍රමාදය නිසා සැකකරුවන්ට දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇති බව ද ඔහු අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති දිවයිනට

ඩිජිටල් අධිකරණ පද්ධතියක් ගැන කතා කළ ද තවමත් ක්‍රියාත්මක වන්නේ සියවසකට පෙර පැවති පැරණි ක්‍රමවේදයම බව විවේචනය කළ රණවක මහතා, 1977 සිට අනුගමනය කළ ක්‍රමවේදයටත් වඩා අන්ත ක්‍රමවේදයක් වත්මන් පාලනය අනුගමනය කරන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම, මහර බන්ධනාගාර සිද්ධිය, කන්ටේනර් ජාවාරම්, ගල්අඟුරු වංචා සහ මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් අතුරුදන් වීම වැනි බරපතළ සිදුවීම්වල වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර, දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය සහ ව්‍යවස්ථාව භාවිත කිරීම බරපතළ තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x