August 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

1 min read

ඉන්දීය විදේශ ලේකම්, ශ්‍රී වික්‍රම් මිස්රි එක්දින නිල සංචාරයක් සඳහා අද (05) දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ඉන්දීය විදේශ ලේකම්වරයාව පිළිගන්නා ලදී.

මෙම සංචාරය අතරතුර විදේශ ලේකම්, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන අය මෙන්ම තවත් නිලධාරීන් පිරිසක් ද හමුවීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

මෙම සංචාරය මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත්, දැනට ක්‍රියාත්මක ඉහළ මට්ටමේ සබඳතා මත පදනම් වෙමින් දෙරට අතර ප්‍රධාන සහයෝගීතා ක්ෂේත්‍රයන්හි ප්‍රගතියක් ඇති කිරීමත් අපේක්ෂා කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x