යෝජිත සත්ත්ව සුබසාධන පනත මගින් ශ්‍රී ලංකා සංස්කෘතියට ඇති බලපෑම ගැන අනාවරණයක්..!
1 min read
යෝජිත සත්ත්ව සුබසාධන පනත මගින් වසර 2500කට අධික කාලයක් තිස්සේ ආරක්ෂා වී පවතින ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය විනාශ වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මෙම පනත ක්‍රියාත්මක වීම හරහා ඓතිහාසික දළදා පෙරහැර සඳහා අලි ඇතුන් යොදා ගැනීම පවා වැළැක්වීමට ඉඩ ඇති බවයි.
“මෙම පනත මගින් අලි ඇතුන් මත අධික බර පැටවීම තහනම් කර තිබෙනවා. ඇතෙකු මත සර්වඥ ධාතු කරඬුව තැන්පත් කර වැඩම කරවීම පවා මෙම නීතිය යටතේ වළක්වාලීමට අර්ථකථනයක් ලබා දිය හැකියි. එසේම සතුන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ද දැඩි සීමා පනවා තිබෙනවා,” යැයි ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව, බල්ලන් වැනි සුරතල් සතුන් සඳහා කරපටි සහ දම්වැල් භාවිත කිරීම ද මෙම පනත මගින් සීමා කර ඇති බව අබේවර්ධන මහතා සඳහන් කළේය.
මෙම පියවර ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළක කොටසක් විය හැකි බවට ද ඔහු චෝදනා කළේය
