ලොරි රථයක් දෙමෝදර ගඟට පෙරළී අනතුරක්
1 min read
ඇල්ල, ගවරවෙල ප්‍රදේශයේදී අද (04) අලුයම සිදු වූ බිහිසුණු රිය අනතුරකින් ලොරි රථයක් දෙමෝදර ගඟට පෙරළී තිබේ.
මෙම අනතුරෙන් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා දෙමෝදර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක පළකෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
