විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ට, මල්වතු නාහිමිගේ අප්‍රසාදය..| අධිකරණ ඇමතිගේ මූණටම කියයි
1 min read
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරුන් පිරිසක් අද (03) උන්වහන්සේ බැහැදැක තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම හමුව සඳහා එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියන් අවධාරණය කළේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම්, එම සහනය සියලුම රාජ්‍ය සේවකයන්ට ද ලබා දිය යුතු බවයි.
එක් පුද්ගලයෙකු හෝ එක් පිරිසක් පමණක් ඉළක්ක කර ගනිමින් මෙවැනි සංශෝධන සිදු කිරීම සුදුසු නොවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
“හැම නඩුකාරයෙක්ටම වගේම රජයේ හැම නිලධාරියෙක්ටම වයස දීර්ඝ කිරීමක් තියෙනවා නම් හොඳයි. එක්කෙනෙක් ඉළක්ක කරලා මේක කරන එක හොඳ නැහැ,” යනුවෙන් මහා නාහිමියෝ මෙහිදී ප්‍රකාශ කළහ.
