August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පූජිතට දුන් තීන්දුවෙන් පොලීසිය කැළඹේ !

1 min read

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට මරණ දඬුවම දීමේ තීන්දුව ප්‍රකාශයට පත් වී මඳ වේලාවකට පසු පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අතර “Watsapp” සමූහ දුරකථන සංවාදයක් ඇති වී තිබේ. එහි දී සාකච්ඡාවට ලක් වී ඇත්තේ අදාල තීන්දුව මෙරට ‍පොලිස් නිලධාරින් කෙරෙහි බලපාන අන්දම පිළිබඳවය.

එහි දී එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ, කිසියම් පුද්ගලයකු විසින් තමන්ට තවත් පුද්ගලයකු වෙතින් ජීවිත තර්ජනයක් ඇති බව පවසා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන විටක දී, එම පැමිණිල්ල කරනු ලැබූ පුද්ගලයාව ඔහු විසින් තමන්ට ජීවිත තර්ජනය ඇතැයි හඳුන්වා දෙන ලද පුද්ගලයා විසින් මරා දැමුහොත්, මරණීය දණ්ඩනය හිමිවනු ඇත්තේ පොලිස් නිලධාරියාට බවයි. මෙබදු තත්ත්වයක් යටතේ පොලීසිය තුළ රාජකාරි කිරීම භයානක කාර්යයක් බවට පත්ව ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පෙන්වා දී ඇත්තේ, පොලිස්පතිවීම මේ අනුව භයානක අවධානමක් බාරගැනීමක්ව ඇති බවයි. එම සමූහ සාකච්ඡාවේ දී නියෝජ්‍ය පොලිස්පතිවරු ඉදිරිපත් කළ අදහස් සමග එකඟව ඇති පොලිස්පතිවරයා ජනාධිපතිවරයා සමග මෙම තත්ත්වය සාකච්ඡා කරන බව ද පවසා තිබේ.

ජනප්‍රිය පුවත්  කොටස් වෙළඳපොළ "චටස් - පටස්" වෙයි !

පොලිස්පතිවරයාගේ ආරංචිමාර්ග පවසන පරිදි, මෙම නඩු තීන්දුවෙන් පසු පොලිස්පතිවරයා ද බලවත් කැළඹීමට පත්ව සිටී. ඔහු ඉතා සමීපතමයකු සමග පවසාඇත්තේ “මේ තීන්දුව ඇහුවම මටත් පොලිස්පතිකමෙන් ඉල්ලා අස්වෙන්න හිතුනා” කියාය.

වර්තමාන ආණ්ඩුව පරාජය වී වෙනත් ආණ්ඩුවක් බලයට ආපසු මෙම ඉරණම තමා කරාද පැමිණිය හැකිය යන බිය පොලිස්පතිවරයාටත්, නියෝජ්‍ය පොලිස්පතිවරු බොහොමයකටත් ඇති වී තිබේ. නියෝජ්‍ය පොලිස්පති ශානි් අබේසේකර ද මේ පිළිබඳව දක්වා ඇත්තේ “මේ විදියට පොලීසිය පවත්වාගෙන යන්නනම් බැරිවෙයි. පොලීසිය අතහැරලා යන පිරිස වැඩිවෙයි” යනුවෙනි.

ආණ්ඩුවට පක්ෂපාතී පොලිස් නිලධාරින් ලෙස හඳුනාගෙන ඇති පිරිස ද මෙයින් බලවත් කැළඹීමට ලක්ව සිටිති. “දේශපාලනඥයා කියන විදිහට වැඩ කරලා අන්තිමට පූජිතට වුණ දේ තමයි වෙන්නෙ” යන මතය පොලීසිය තුළ තදින් තහවුරුවීම මත, බලවත් බිඳවැටීමකට පොලීසිය ලක්වනු ඇතැයි අපගේ ආරංචිමාර්ග පෙන්වා දේ. එමෙන්ම ආණ්ඩුව පිළිබඳ පොලීසිය තුළ වූ බලවත් අප්‍රසාදය මෙමගින් තවත් වැඩි වී ඇති බවද එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

  • ජාලිය සම්පත් විජේමුණි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x