ශිරන්ති අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !
1 min read
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂව ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් වෙතැයි අප වෙත වාර්තා වී තිබේ.
එම අත්අඩංගුවට ගැනීම සඳහා හේතුකොටගෙන තිබෙනුයේ “සිරිලිය” ගිණුමකට ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) ලබා දී තිබෙන මුදල් පරිත්‍යාගයක් ය. රාජ්‍ය බැංකුවක මුදල් “සිරිලිය” යනුවෙන් පවත්වාගෙන යනු ලබන ස්වේච්ඡා සංවිධානයක ගිණුමට දැමීම පොදු දේපළ පනත යටතේ වන වරදක් ලෙස පෙන්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරෙනු ඇතැයි පැවසේ.
මීට අදාළ ප්‍රකාශ, බොහෝ දෙනෙකුගෙන් ලබාගෙන තිබෙන අතර, ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
- ගැමුණු සිරිමාන්න
