November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේගේ පෙත්සම කල් යයි

1 min read

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙසය.

එදින පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x