July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න.. – නාමල්

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් වහාම ජනමත විචාරණයකට යන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ජාඇල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ ජනතාව මුහුණ දී සිටින දැවෙන ආර්ථික හා සමාජීය ප්‍රශ්න පසෙකලා විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව ප්‍රමුඛතාව දෙන්නේ නම්, ඒ පිළිබඳ තීන්දුව ජනතාවට භාරදිය යුතු බවයි.

විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය පවා විරුද්ධ වී ඇති බව නාමල් රාජපක්ෂ මෙහිදී සඳහන් කළේය.

“අද ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තුවේදී කියනවා තමන්ගේ මර්දනය ක්‍රියාත්මක කරන්න මේ පනත ඕනේ කියලා. යම් ව්‍යවස්ථා සංශෝධනයක් ආවොත් ඒ ගැන අධිකරණයට යන්න පුරවැසියාට අයිතියක් තියෙනවා. හැබැයි තමන්ගේම කාලය දීර්ඝ කිරීම ගැන තීන්දුවක් දෙන්න වුණාම ගරු විනිශ්චයකාරවරුනුත් අසරණ වෙනවා. අන්න ඒ නිසයි අපි කියන්නේ ආණ්ඩුවට හැකියාවක් තියෙනවා නම් ජනමත විචාරණයකට ගිහින් ජනතාවට ඒ තීන්දුව ගන්න දෙන්න කියලා.” යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය.

ජනප්‍රිය පුවත්  පුද්ගලයන් වෙනුවෙන් ව්‍යවස්ථාව ටිංකරිං කිරීමේ කුරිරු නාටකය යළිත්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x