July 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවත් කරයි

1 min read

ලිංගික අපචාර චෝදනා එල්ලවූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවට පක්ෂව ඡන්ද 82ක් ලැබී ඇති බවය.

අපරාධ අධිකරණයේ කනිෂ්ඨ සේවිකාව සමඟ නුසුදුසු ලිංගික සබඳතාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරීම් ඛාන් පසුගිය මාසයේදී වැඩතහනමකට ලක් වූ බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ අධිකරණයේ අධීක්ෂණ මණ්ඩලය ජූනි මාසයේදී අනාවරණ කර සිටියේ, ඔහු අදාළ සේවිකාව ඉදිරිපත් කළ පැමිණිල්ල ඉදිරියට ගෙනායාම වැළැක්වීමට උත්සාහ කරමින් බරපතළ ලෙස රාජකාරි පැහැර හැරීමක් සහ බරපතළ චරිත දූෂණයක් සිදු කර ඇති බවය.

කෙසේවෙතත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා තමාට එල්ල වූ සියලු චෝදනා යළි යළිත් ප්‍රතික්ෂේප කර ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x